දඩ මුදල් වැඩි කිරීම ගැන බස් සංගම් තීරණාත්මක සාකච්ඡාවක

දඩ මුදල් වැඩි කිරීම ගැන බස් සංගම් තීරණාත්මක සාකච්ඡාවක

රථවාහන වැරදි 06ක් සම්බන්ධයෙන් වන දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බස් සංගම් කිහිපයක් අද (22) කොළඹදී රැස්වීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සහභාගි නොවන බව වාර්තා වේ.

රථවාහන වැරදි 06ක් සම්බන්ධයෙන් වන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ඊයේ (21) රජය තීරණය කළේය.

ඒ, මුදල් අමාත්‍යවරයා සහ ප‍්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයක් අතර පැවති සාකච්ඡාවකින් පසුවය.

ඊයේ පැවති එම සාකච්ඡාවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද සහභාගි වී සිටි අතර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් තම සංගමය එම තීරණයට එකඟතාව පළ කළ බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment