ප්‍රංශ ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ප්‍රංශ ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

මෙරට සංචාරයක නිරත වී සිටින ඉන්දියානු සාගර කලාපයේ ස්ථානගත කොට ඇති ප්‍රංශ ආරක්ෂක හමුදාවන්හි ඒකාබද්ධ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඩිදීයර් ප්ලැටෝන් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ඊයේ (29) පැවැත්විණි.

ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදීය.

මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා ද සිහිපත් කළේය.

එමෙන්ම හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා ප්‍රංශ ආරක්ෂක හමුදා ඒකාබද්ධ අණදෙන නිලධාරීවරයාට සමරු ඵලකයක් ද පිරිනැමීය.

මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති ජෙඅන් මරින් ස්චබ් මහතා ද සහභාගී විය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment