සමෘද්ධි නිලධාරීන් අද වර්ජනයක

සමෘද්ධි නිලධාරීන් අද වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්තව සිටින සමෘද්ධි නිලධාරීන් අද (29) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරතවීමට නියමිතය.

දිවිනැඟුම සංවර්ධන නිලධාරීන්ගේ අර්ථසාධක මුදල් ලබාගැනීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

වැඩ වර්ජනයට අමතරව අද දිනයේ පාර්ලිමේන්තු වටරවුම අසළදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද නියමිත බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ මහතා සඳහන් ක‍ළේය.

කෙසේවෙතත් මෙම විරෝධතා ව්‍යාපාරයට තම සංගමයේ කිසිඳු සහයෝගයක් ලබා නොදෙන බව දිවි නැඟුම ඒකාබද්ධ වෘත්තිකයින්ගේ සංගමය පවසන අතර එහි සභාපති චමත් උදාරහේවා මහතා සඳහන් කළේ දිවිනැඟුම සංවර්ධන නිලධාරීන්ගේ ගැටළු සඳහා ක්‍රමානුකූලව රජය විසඳුම් ලබාදෙමින් සිටින බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment