අගමැති හෙට හොංකොං යයි

අගමැති හෙට හොංකොං යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) හොංකොං නුවර බලා පිටත්ව යාමට නියමිතය.

ඒ, The Economist ජාත්‍යන්තර සඟරාව විසින් සංවිධානය කරන  '2017 ලෝකය' (The World in 2017) සමුළුවට සහභාගි වීම සඳහායි.

හොංකොං නුවර පැවැත්වෙන මෙම සමුළුවේ මුඛ්‍ය සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතය. 

මීට සමගාමීව The Economist ජාත්‍යන්තර සඟරාව  පසුගිය 29 වන දින'2017 ලෝකය' යන මැයෙන් සිංගප්පූරුවේ ද සමුළුවක් සංවිධානය කර තිබූ අතර එහි මුඛ්‍ය සාකච්ඡාවට සහභාගී වූයේ භූතානයේ අග්‍රාමාත්‍ය ෂෙරින් ටොබ්ගේ (Tshering Tobgay) මහතායි.

මෙම සමුළුව සඳහා ලෝකයේ පළමු පෙළේ අර්ථශාස්ත්‍රඥයින්, විද්වතුන්, ව්‍යවසායකයින් සහ මාධ්‍යවේදීන් සහභාගී වන බව වාර්තා වේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ද මෙම සංචාරයට එක්වීමට නියමිතය. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment