නෙදර්ලන්ත KLM ගුවන් සේවාව වසර 20කට පසු නැවත ලංකාවේ


1980 දශකයේ සිට 1990 මැද දක්වා යුරෝපයට ගමන් කිරීමේදී ලංකාවේ බොහෝ අය භාවිත කළ
නෙදර්ලන්ත ජාතික ගුවන් සේවය වන KLM ගුවන් සේවය 1996දී ලංකාවෙන්


ඉවත්ව ගිය නමුත් වසර 20ට පමණ පසුව නැවතත් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන්  මෙම නොවැම්බර් මස සිට ආරම්භ කර තිබේ.
අද (02දා) අලුයම බණ්ඩාරනායක ගුවන් තොටුපළ KL873 දරන Boeing 787 ගුවන් යානාව පැමිණීමත් සමග නැවතත් සක්‍රීය ලෙස KLM  ගුවන් සේවයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට ආරම්භ විය .
මෙම සේවාව නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට අලුත් පණක් ලැබී ඇත.
මෙම ගුවන් සේවාව ඉදිරියේදී සති 2 කට වරක් කටුනායක සිට ඇම්ස්ටර්ඩ්‍රෑමය දක්වා සහ ඇම්ස්ටර්ඩ්‍රෑම් සිට කටුනායක දක්වා ගමන් වාර පවත්වනු ඇත.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment