ගේ ඇතුළේ අඩි 50ක වළක් කපා හාරද්දී තරුණයා යටවෙයි


කතරගම කඳසුරිඳුගම ප්‍රදේශයේ නිවෙසක් තුළ දෝනාවක් කැපීමට ගිය තරුණයකු එයට වැටී මියගොස් තිබේ.

කතරගම රජ මාවතේ කඳසුරිඳුගම ග්‍රාමසේවා වසමට අයත් මෙම පුද්ගලයා මිය ගිය නිවෙසේ ඉතාම රහසිගතව අඩි 50කට ආසන්න දැවැන්ත වළක් කපා ඇති අතර එම වළ තුළ උමං මාර්ගයක් කැපීමට යෑමේදී මෙම තරුණයා මිය ගොස් ඇති බව පැවැසේ.

මෙසේ මිය ගොස් ඇත්තේ හල්දුම්මුල්ල
ප්‍රදේශයේ සිට පැමිණ ඇති රණතුංග මුදියන්සේලාගේ ප්‍රදීප් සෙනවිරත්න නම් 30 හැවිරිදි අයකු බව පොලිසිය පවසයි.

මෙයට පෙරද මේ අයුරින් මෙම නිවෙසේ කාමරයක් තුළ කැණීමක් කර ඇති අතර ප්‍රදේශවාසීන් කරන ලද තොරතුරක් අනුව කතරගම පොලිසිය පැමිණ අදාළ කැණීම නතර කරනු ලැබූ බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

ඉන් පසු නැවත ඉතාම සූක්‍ෂ්ම ලෙස නිවෙසේ ‍ෙදාරවල් වසා ගෙන මෙම කැණීම සිදු කර ඇති අතර 12 - 12 කාමරයක් පුරාවට අඩි 50 කට ආසන්න වළක් කපා දෝනාවක්ද කපා ඇති අයුරු දැක ගත හැකිය.

ප්‍රදේශවාසීන් පවසනුයේ අදාළ කැණීම නිධානයක් ගැනීම පිණිස කපා ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර කතරගම රෝහලේ තැන්පත් කර ඇති අතර කතරගම පොලිසිය මෙම මරණය සම්බන්ධව පරීක්‍ෂණයන් පවත්වයි.

කතරගම - ඩී.එන්. කළුආරච්චි

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment