රුසියානු හමුදා ප්‍රවාහන ගුවන් යානයක් පුද්ගලයන් 92 දෙනෙකු සමග කළු මුහුදට කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි. නව වසර සැමරීම සඳහා ගමන් කළ යානයේ රතු හමුදාවේ බැති ගී කණ්ඩායම සාමාජිකයන් 60 දෙනෙකු එහි සිට ඇත. යුද තත්වයක් පවතින සිරියාව උඩින් යද්දී යානය රේඩාර් තිරයෙන්
අතුරුදන්වූ අතර යානය මුහුදට කඩා
වැටුණ බව පසුව රුසියාව පිළිගත්තා. කිසිවෙකුගේ දිවි බේරාගන්නට බැරිවුණ බවත් සුන්බුන් සෙවීම අරඹා ඇති බවත් දන්වා ඇත.
1983 දී රුසියාවේදී නිපදවූ යානයේ දෝෂයක් පැවතියේද මෙය කඩාකප්පල් ක්‍රියාවක්ද යන්න ගැන පුටින් ජනපතිවරයාගෙල් නියෝගයෙන් පරීක්ෂණ අරඹා ඇත.
සිද්ධිය නිසා හෙට 26 දිනය ජාතික ශෝක දිනයක් ලෙසද රුසියානු නායකයා නම් කරන ලදි.
ඡායාරූපයේ සිටින්නේ මරණයට පත් සංගීත කණ්ඩායමයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment