උත්සව සමය ආරම්භ වීමත් සමග සහල් මිල ශීඝ්‍රයෙන් වැඩිවීම ජනතාව දැඩි අපහසුතාවකට පත්කරන්නක් බව පාරිභෝගික සංවිධාන පෙන්වා දෙයි.
රුපියල් 60ත්, 65ත් අතර තිබූ නාඩු සහල් කිලෝවක් මේ වනවිට රුපියල් 80ත් 85ත් අතර මිල වැඩිවී ඇති අතර, සම්බා සහල් කිලෝවක් රුපියල් 80 සිට රුපියල් 90ත් 95ත් දක්වා මිල වැඩිවී ඇති අතර, කැකුළු සහල් කිලෝවක් රුපියල් 85ත් 90ත් අතර මිලකට වැඩිවී ඇති බවද ජනතාව පෙන්වා දෙයි.
එමෙන්ම සහල් මිලට කිසිදු පාලනයක් නොමැති වීම හේතුවෙන් එක් එක් වෙළෙඳ සැල්වල සහල් මිල විවිධාකාරයෙන් වීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ජනතාව පවසති. සහල් මිල පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ අතර ඔහු පැවැසුවේ, ඉදිරියේදී සහල් මිල රුපියල් 100ක් දක්වා වැඩිවිය හැකි බවයි.
එසේම ජනතාවට සහනයක් ලබාදීමටත්, කුඩා මෝල් හිමියන් ආරක්ෂා කරගැනීමට කුඩා මෝල් හිමියන්ගෙන් සහල් මිලදී ගෙන ඒවා සතොස හරහා අලෙවි කරන ලෙසද ඒ මහතා පවසා සිටියේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment