BPL සෙමියට ඩකා ඩයිනමයිට්ස් සුදුසුමක් ලබාගනී

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් වුනා.

ඒ කුල්නා ටයට්න්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්.තරගයේ කාසිය වාසිය දිනූ කුල්නා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා ඩකා කණ්ඩායමට ආරාධනා කලා. ඒ අනුව ඩකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 140ක් රැස් කිරීමට සමත් වුනා.

එහිදී ඇන්ඩ්‍රි රසල් ලකුණු 46ක් රැස් කරගත්තා. ඩ්වේන් බ්‍රාවෝ නොදැවී ලකුණු 26යි. කුමාර් සංගක්කාරට රැස්කර ගත හැකි වූයේ ලකුණු 9ක් පමණයි. ජුනයිඩ් ඛාන් ලකුණු 24කට කඩුළු 4ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල කුල්නා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2කදී සියළු දෙනා දැවී රැස් කර ගත් හැකි වූයේ ලකුණු 86ක් පමණයි. පන්දු යැවීමේදී ඇන්ඩ්‍රි රසල් සහ ඩ්වේන් බ්‍රාවෝ කඩුළු 3 බැගින් දවා ගත්තා.

තරගයේ වීරයා ඇන්ඩ්‍රි රසල්.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment