බුර්කාව පැළඳි මුස්ලිම් ශිෂ්‍යාවන්ට විභාග මධ්‍යස්ථානය තුළට ඇතුළු වීමට ශාලාධිපතිනිය ඉඩ ලබානොදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ (07) නාවලපිටිය ශාන්ත මේරි විභාග මධ්‍යස්ථානයේ නොසන්සුන්තාවක් ඇතිව තිබේ.
එම ශිෂ්‍යාවන්ගේ දෙමාපියින් විසින් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට පැමිණිලි කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම විභාග මධ්‍යස්ථානයේ මුස්ලිම් ශිෂ්‍යාවන් 16 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටින අතර ඔවුන් සියලු දෙනාගේ බුර්කාවන් ඉවත් කරන ලෙස දැනුම් දීම නිසා ඔවුන්ගේ විභාග මානසිකත්වය ගිලිහී ව්‍යාකූල තත්ත්වයට පත්වීමෙන් නිසිලෙස විභාගයට පෙනී සිටීමට නොහැකි වී ඇති බවට එම සිසුන්ගේ දෙමාපියන් චෝදනා කරයි.
විභාගය මධ්‍යස්ථානය අසල ඇතිවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමග ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආනන්ද ප්‍රේමසිරි මහතා එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළ බව සඳහන්ය.
මෙම සිද්ධිය පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ විමසීමේදී ඔහු කියාසිටියේ, විභාගයට පෙනී සිටින අපේක්ෂකයාගේ හැඳුනුම්පත අනුව සැබෑ පෙනුමේ වෙනසක් ද නොතිබිය යුතු බවයි.
ඒ අනුව විභාග නීතිරීතිවලට අනුව ශාලාධිපතිනිය හා පරීක්ෂකවරුන් ක්‍රියාකර ඇති බවත්, සංස්කෘතිය පදනම් කරගනිමින් දෙමාපියන් අනවශ්‍ය කලබලයක් ඇති කර ඇති බව තහවුරු වී ඇති බවත් ඒ මහතා පැවසීය.
0 comments :
Post a Comment