වෘෂණ කෝෂ රහස් හෙළි කළැයි ගම්මංපිලගෙන් රන්ජන්ට නඩු

http://ift.tt/2hoUS5D
වෘෂණ කෝෂ රහස් හෙළි කළැයි 
ගම්මංපිලගෙන් රන්ජන්ට නඩු

පිවිතුරු හෙළ උරුමයේ මන්ත්‍රී උදය ගම්මංපිල අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දන්වා සිටියේ තමන්ගේ පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේ හෙළි කරමින් අපහාස සිදුකිරීම නිසා මිලියන 500 ක් ඉල්ලා නඩු දමන බවයි. ඔහු ඒ ගැන විස්තර කර තිබුනේ
මෙසේය.


" සල්ලි, බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප යන ශීර්ෂය යටතේ රන්ජන් රාමනායක ඇමතිතුමා දෙසැම්බර් 05 දින වීඩියෝවක් මුහුණු පොතේ රසික පිටුවට එක් කර තිබුණා.  ඊට අමතරව දෙසැම්බර් 6 දින මාධ්‍ය හමුවක ද වීඩියෝවේ අඩංගු කරුණු සඳහන් කර තිබුණා.


මම ඇමතිතුමාට මේ පිලිබඳ කතා කළා.  එතුමා කිව්වා තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත යටතේ එතුමා මේ තොරතුරු ලබා ගත්තා කියලා.  ඒක බොරුවක්.  තොරතුරු දැන ගැනීමේ පනතට කතානායකතුමා අත්සන් තැබුවේ අගෝස්තු 4 දා.  එතැන් සිට මාස හයකට පස්සේ එනම් 2017 පෙබරවාරි 4 දා සිට තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ.එකී පනතේ 5(1)(අ) යටතේ යම් පුද්ගලයෙකුගේ අතිශයින්ම පෞද්ගලික තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ යුතුයි.  


වෛද්‍ය වාර්තා වැටෙන්නේ ඒ ගණයට.  විශේෂයෙන්ම හිපොක්‍රටිස් ප්‍රතිඥාව අනුව රෝගින්ගේ පෞද්ගලික තොරතුරු හෙලි නොකර සිටීමට වෛද්‍යවරු බැඳිලා ඉන්නවා.  නමුත් රන්ජන් ඇමතිතුමා එක් එක් දේශපාලකයින්ට තිබෙන රෝග පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වනවා.  ඒක අතිශයින්ම සදාචාර විරෝධි ක්‍රියාවක්.
 මේක මට සෘජුවම කළ අපහාසයක්.  ඒ නිසා රන්ජන් රාමනායක ඇමතිතුමාගෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට මම මගේ නීතිඥයින්ට උපදෙස් දුන්නා.“        

රන්ජන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ෆේස්බුක් පිටුවේ එම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදු කළ කතාව තවමත් සටහන් වන්නේ පහත පරිදිය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment