මහා පරිමාණ දුෂණ වංචා සෙවීමේ පරීක්ෂණවලට බාධා කරන පුද්ගලයින්ගේ නම් ඉදිරියේ දී හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
මේ පිළිබදව තමන් අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසී ය.
දුප්පත් දරුවන් 600 කට පාසල් උපකරණ ඛෙදාදීම සදහා අලුත්ගම ධර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ පසුගියදා පැවැති උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “වර්තමානයේ රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. වෙළෙදපොලට අවශ්‍ය ප්‍රමාණයට කලා උපාධිධාරීන් බිහි වෙනවා. සැළැස්මක් නැහැ. කලා විෂයට දරුවන් යොමු වන්නේ ගම්බද පාසල්වල තාක්ෂණාගාර සහ විද්‍යාගාර පහසුකම් අවම වීම නිසායි. එවිට රැකියා විරහිත උපාධිධාරින් රටට බිහි වෙනවා. පාසලේ දී හෝ කාර්මික අධ්‍යාපනයට යොමු කළ යුතුයි. මම ඉදිකිරීම් හා ඉංජිනේරු අමාත්‍යවරයාව සිටි කාලයේ NVQ ක්‍රමය ඔස්සේ රැකියා අවස්ථා නිර්මාණය කළා. ශ්‍රී ලංකාවේ පවත්වන සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ විභාගය ලන්ඩන් නුවර පිළිගන්නේ නැහැ. නමුත් NVQ ක්‍රමය මුළු ලෝකයම පිළිගන්නවා. මෙම ක්‍රමය ලංකාවේ ආරම්භ කර තාක්ෂණ විශ්ව වද්‍යාලයක් පවා ස්ථාපිත කළා. බොහෝ විද්‍යාඥයින්ට කොල කැබැලිවල සුදුසුකම් නැහැ. අධ්‍යාපනය කියන්නේ පොතපතෙන් ලබන සුදුසුකම පමණක් නොවෙයි. එහෙම වුනාම තමයි දේශපාලන පක්ෂවලට බැදිලා සරසවි සිසුන් උද්ඝෝෂණය කරන්නේ. තමන්ට අනාගතයක් තිබේ නම් එවැනි උද්ඝෝෂණවලට යන්නේ නැහැ. විශ්ව විද්‍යාලවල මෙම තත්ත්වය උදාවී තිබෙන්නේ අධ්‍යාපනයේ වැරැද්ද නිසයි. එම නිසයි අපි යහපාලන රජය බිහි කළේ. හැබැයි අපේ රජය යටතේ ද යහපාලනය නොතේරෙන පිරිසකුත් ඉන්නවා.”
0 comments :
Post a Comment