වැඩේ අප්සෙට් - බස් ගැමුණු හැංගිලා


වැඩේ අප්සෙට් - බස් ගැමුණු හැංගිලා

අද ක්‍රියාත්මක පුද්ගලික බස් රථ වර්ජනයට තම සංගමය එක් නොවන බව පැවසුවද ගැමුණු විජේරත්න මහතාගේ බස් සංගමයේ බස්රථ හිමියන්ට තර්ජන පැවතීම හේතුවෙන් එම වර්ජනයට එක්ව තිබුණා. 163 බස් රථ ධාවනය කරවන ගැමුණු විජේරත්නගේ පුද්ගලික ව්‍යාපාරයට අයත් බස් රථද අද ධාවනය කර නැත.
ඔහුගේ වීදුරු ව්‍යාපාරය (සඳුනි ග්ලාස්) පිහිටි නුගේගොඩ
හා නිවස පිහිටි මහරගමට යාබද ස්ථාන

අසළින් ධාවනය වන මාර්ග අංක 119, 259, 163, 168, 176, ආදී කිසිදු මාර්ගයක පුද්ගලික බස් රථද අද පෙරවරුවේ ධාවනය වූයේ නැත.
 මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීමට අවස්ථා කිහිපයකදීම ගැමුණු විජේරත්න මහතා අමතන්නට මාධ්‍ය දැරූ උත්සාහය අසාර්ථකවූයේ ඔහු දුරකථනය ඕෆ් කර තිබුන නිසාය.
 ගැමුණු විජේරත්න මහතාගේ නිවසට ගොස් තොරතුරු විමසන්නට රූපවාහිනී නාලිකාවක් උත්සාහ කර තිබුණ අතර ඒ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ තමන්ට ඒ පිළිබදව අදහස් දැක්වීමට නොහැකි බවයි.
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති වශයෙන් ඔහු සැඟවුණ නිහඩ ප්‍රතිපත්තියක දැන් සිටින බව ඒ අනුව පෙනී ගියා.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment