මන්ත්‍රීවරුන්ගේ අපහසුතා පිළිබඳව සොයා බලන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට ජනතාවගේ අමාරුකම නොතේරෙන බවත් ඒ හේතුවෙන් වර්තමාන ආණ්ඩුව බොනපාට්වාදී පාලනයක් ගෙන යමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ඊයේ (01) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්සයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් ගෙන යන මෙම බොනපාට්වාදී පාලනය ජනතා ප්‍රශ්න යට ගසමින් ජනතා විරෝධී ක්‍රියාමාර්ග මර්දනය කරමින් කටයුතු කරන බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා, "සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනා හා වැටුප රුපියල් එක්ලක්ෂ හැටදහසක් වෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන දීමනා, කාර්යාල දීමනා සමග රුපියල් හාරලක්ෂ හැටදහසකට ආසන්න මුදලක් ලැබෙන මන්ත්‍රී කෙනෙක්ට ලැබෙනවා. මෙසේ තිබියදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ගේ අමාරුකම ගැන කතා කරනවා. එසේ කතා කරමින් මන්ත්‍රීවරුන්ට අඩු පොලියට රුපියල් ලක්ෂ 100ක ණයක්ද යෝජනාකරලත් තියෙනවා. මීට අමතරව ආණ්ඩුවේ ඇමැතිවරුන්ට වාහන ගැනීම සඳහා රුපියල් කෝටි 79 ක පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනැවිත් තියෙනවා. මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට වාහන ලබාදීම සඳහා එක් අයෙකුට මාසිකව රුපියල් ලක්ෂ 07 බැගින් වෙන්කරගෙන තියෙනවා" යනුවෙන් කියාසිටියේය.
ජේවීපී ඒකෙ තියෙන්නේ ගොන්පාට් වාදී ක්‍රමයක්. ආයේ කවදාවත් මුන්ගේ පක්ෂය ඔලුව උස්සන්නේ නෑ.
ReplyDelete