අගරදගුරු හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

අගරදගුරු හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

අනවශ්‍ය සැරසිලිවලින් තොරව ජීවිතය ආධ්‍යාත්මිකව අර්ථවත් කරගැනීමට හැකිවන ආකාරයෙන් උදාවන නත්තල සමරන ලෙස අගරදගුරු අති උතුම් මැලකම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (06) පෙරවරුවේ කොළඹ පිහිටි අගරදගුරු නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකචී උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකළේය.

ගාලුමුවදොර පිටියේ ඉදිවන ලොව උසම නත්තල් ගස සම්බන්ධයෙන් ද කාදිනල් හිමිපාණන් එහිදී අදහස් පළකළ අතර, උන්වහන්සේ සදහන් කළේ එය අනවශ්‍ය වියදමක් බවයි.

ලොව උසම නත්තල් ගසේ ඉදිකිරීම් පසුගිය අගෝස්තු මස 18 වැනිදා ආරම්භ කෙරුණේ වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ වනවිට එහි ඉදිකිරීම් අඩකින් පමණ අවසන් වී ඇති අතර, එහි අපේක්ෂිත උස අඩි 325 ක් වේ.

මෙතෙක් ලොව නිමකර ඇති උසම නත්තල් ගසෙහි වාර්තාවට හිමිකම් කියන්නේ ප්‍රංශයේ ඉදි කෙරුණු උස අඩි 292 ක් වූ නත්තල් ගසයි.

අර්ජුන රණතුංග සමාජ සත්කාර පදනමේ මුලිකත්වයෙන් ඉදිවන මෙම නත්තල් ගස නිම කිරීමට වරාය අධිකාරියේ සේවකයින් 70 දෙනෙකුගේ පමණ ස්වෙච්ඡා ශ්‍රම දායකත්වය ලැබී තිබේ.

එහි සංවිධායකයින් පවසන්නේ මෙම නත්තල් ගස ඉදිකිරිම වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට ආසන්න මුදලක් වැය වන අතර, ඒ සදහා මුදල් විවිධ සංවිධාන සහ ආයතනවලින් ආධාර වශයෙන් ලැබෙන බවයි.

මෙම නත්තල් ගස දෙසැම්බර් 20 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment