'මාෆියාවන්ට යට වෙන්නේ නැහැ' - කබීර් හෂීම්

'මාෆියාවන්ට යට වෙන්නේ නැහැ' - කබීර් හෂීම්

පවතින රජය පොදු ජනතාවගේ හඬට කන් දෙන, පොදු ජනතාව වෙනුවෙන් තීරණ ගන්න ආණ්ඩුවක් වුව ද, එම නිදහස අයුතු විදිහට යොදා ගන්නා මාෆියාවන්ට යටත් නොවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ඊයේ (01) කෑගලු විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ලකට මුල් ගල් තැබීමට සහ මාවනැල්ල සහිරා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ලකට මුල්ගල් තැබීමට එක් වූ අවස්ථාවන් හී දී මාධ්‍යවේදීන් රටේ ඇති වෙමින් පවතින වර්ජන රැල්ල පිළිබඳව අමාත්‍යවරයාගෙන් කළ අදහස් විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

පසුගිය කාලපරිච්ඡේදයේ සේවක වෘත්තීය සමිතිවලට සිය ප්‍රශ්න කතා කරන්නට නිදහසක් නොතිබූ බව පැවසූ අමාත්‍යවරයා ජනමාධ්‍යයන්ට නිදහසේ අදහස් දැක්වීමට අයිතියක් නොතිබූ බව ද පෙන්වා දුන්නේය.

ඒ රාජ්‍ය ත්‍රස්තවාදය අවසන් කර සියළු දෙනාටම විවෘතව අදහස් දැක්විය හැකි වාතාවරණයක් තනා දුන් මේ රජය පසුගිය අයවැයෙන් පසුව ජනතා ඉල්ලීම් මත යම් යම් සංශෝධන කරමින් නම්‍යශීලීව කටයුතු කළ ආකාරය සිහිපත් කළේය.

ඉතිහාසයේ එවැනි ජනතා අදහස්වලට ගරු කරන, කන් දෙන ආණ්ඩුවක් බිහි වී නැති බව පැවසූ අමාත්‍යවරයා එම ගුණාංගය වැරදි විදිහට තේරුම් ගෙන බලලෝභී කණ්ඩායම්වල අතකොළු වෙමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළේය.

වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා,අවුරුදු 30 - 40 කාලයක් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැඟීමට එක් එක් කල්ලිවල බලපෑම නිසා නොහැකි වූ බව පෙන්වා දුන් අතර දැන් ඒ අනුව කටයුතු කරමින් ජනතාවට අත්‍යවශ්‍යය ඖෂධ 40 ට වැඩි ප්‍රමාණයක මිල අඩු කර තිබෙන බව පැවසීය.

එවැනි කරුණුවලට මෙන්ම පාසල් දරුවන්ට ටැබ් ලබා දීම වැනි කරුණු සිදු කිරීමට යද්දී මේ විරෝධය නැඟෙන්නේ ඊට එරෙහිවදැයි විමසා සිටියේය.

නිදහස් අධ්‍යාපනයෙන් වරප්‍රසාද ලබා ඉගෙනගත් පිරිස් හැටියට රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කර ඇත්තේ කුමක්දැයි යන්නත් කළ යුතු කුමක්දැයි යන්නත් සියල්ලෝම කල්පනා කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. නියමයි. එහෙම තමයි ඉන්න ඕනේ. මේ බල්ලන්ට යටවෙන්න එපා.

    ReplyDelete