බුද්ධිකගේ ශත 50ට රවීගෙන් පිළිතුරක්

බුද්ධිකගේ ශත 50ට රවීගෙන් පිළිතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා තම ඉඩම පවරාගැනීම වෙනුවෙන් වන්දි ලෙස තමාට ලැබුණේ ශත 50ක මුදලක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකාශය නිවැරදි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ මුදල් අමාත්‍යවරයා කියාසිටියේ එසේ වුවද තක්සේරු දෙපාර්තමේන්තුව මෙහිදී කිසිදු වරදක් සිදුකර නොමැති බවයි.

අදාළ ඉඩමේ විශාලත්වය දිගින් අඩි 10ක්ද, පළලින් අඩි 09ක්ද වන බවත් එම ඉඩම් කැබැල්ලට බුද්ධික පතිරණ මහතා ඇතුළු 22 දෙනෙකු හිමිකම් කියන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඒ අනුව පතිරණ මහතාට අයත්ව තිබූ පර්චස් 0.0013 ක ඉඩම් කොටසට හිමිව තිබූ වන්දි මුදල ශත 50 ක් බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙකී මුදල පතිරණ මන්ත්‍රීවරයාට ලබාදුන්නේ වෙළෙඳ පොළ වටිනාකමට අනුව බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment