රුසියාව විසින් දෙනු ලැබ ඇති ප්‍රතිඥාවන් සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන මෙන් ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) අධ්‍යක්ෂවරයා ඇමෙරිකානු ජනාධිපති පදවියට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
CIA අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් අභිනව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ලබන වසරේ ජනවාරි මාසයේ ජනාධිපති පදවියේ වැඩකටයුතු භාරගනු ලැබීමෙන් අනතුරුව රුසියාවේ ක්‍රියාකලාපය පිළිබඳව විපරම් සහගතව සිටින ලෙසය.
රුසියාව නිරන්තරයෙන්ම ඔවුන් ක්‍රියාත්මක වෙන රටවල් සම්බන්ධයෙන් පවතින ස්වීය අභිලාෂයන් අනුව දිගටම කටයුතු කරන බව පවසන CIA අධ්‍යක්ෂවරයා, සිරියාවේ පවතින පීඩාකාරී තත්වයට රුසියාවේ මැදිහත්වීම් හේතු වූ බවට චෝදනාවක් ද කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයත් සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුම ඉරා දමනු ලැබුනොත් එය විනාශකාරී ප්‍රතිපල අත්කරනු ඇතැයි පවසන ඔහු එවැනි ක්‍රියාමාර්ගයක් විග්‍රහ කරන ලද්දේ 'අනුවණභාවයේ උච්ඡචතම පියවරක්' හැටියට යි.
CIA අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් ලබන ජනවාරි මාසයේ පදවියෙන් ඉවත්වීමට නියමිතයි.
(BBC)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment