සිර කුටියේ සිට විමල් එවූ විශේෂ ප්‍රකාශය මෙන්න

සිර කුටියේ සිට විමල් එවූ විශේෂ ප්‍රකාශය මෙන්න

කොටි ත‍්‍රස්තයන්ට රටෙන් තුනෙන් එකක් තෑගි ඔප්පුවකින් ලියා දීමට සූදානම් වූ රනිල්ට මේ රට එක්සත් ජනපදයේ යුද තිප්පොළක් කිරීම අමාරු වැඩක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතාගේ අත්සනින් යුතුව ඊයේ (22) පැවති සිය පක්ෂයේ නියෝජිත සමුළුවට බන්ධනාගාර සිරකුටියේ සිට එවන ලද විශේෂ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. 

එම විශේෂ ප්‍රකාශය පහතින්

ගෞරවනීය ස්වාමීන්වහන්ස,

අනෙකුත් ආගම්වල ගෞරවනීය පූජකතුමනි, 

ශ‍්‍රී ලංකාවේ 5 වැනි විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමනි, 

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ප‍්‍රමුඛ සියලූම දේශපාලන පක්‍ෂවල නායකවරුනි, 

ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනි, 

ගරු පළාත් සභා මන්ත‍්‍රීවරුනි,

ගරු ප‍්‍රාදේශීය සභා, නගර සභා හිටපු මන්ත‍්‍රීවරුනි,

ජාතික නිදහස් පෙරමුණේ සියලූම නායක නායිකාවනි, සාමාජික සාමාජික සාමාජිකාවනි, 

ආදරණිය මව්වරුනි, පියවරුනි, මිත‍්‍රවරුනි,

    වසර 29ක් වූ මාගේ දේශපාලන ජීවිතයේ පළමුවතාවට මා අද ඔබ අමතන්නේ, ඔබ ඉදිරිපිට සජීවීව පෙනී නොසිටිමින්. 1988 අගභාගයේදී පාසැලේ උසස් පෙළ ශිෂ්‍යයකුව සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන දේශපාලනය තෝරාගත් මා එතැන් සිට අඛණ්ඩව ආවෘතවත්, විවෘතවත් වසර 29ක් දේශපාලනයේ නියැලී තිබෙනවා. අඳුරු වධකාගාර ගංගාවල පාවෙන තරුණ දේශපේ‍්‍රමීන්ගේ මළමිනී, මහමග ටයර් සෑයවල දැවෙන මළසිරුරු යනාදි බිහිසුණු ඝාතන වෙතින් සැපිරුනු ධවලභීෂණ යුගයක පූර්ණකාලීන දේශපාලනයට පිවිසි මා ඉතිහාසයේ පළමු වතාවට ඔබ අමතන්නේ අඩි 4ක් පළල අඩි 08ක් දිග කුටියක සිරගතව සිටිමින්. මහාචාර්ය සුචරිත ගම්ලත් වරෙක පවසන ලද පරිදි ‘‘වනසන ලද නුවණින්ද පුළුස්සන ලද හැඟීමෙන්ද යුක්ත වූ’’ අගමැති වික්‍රමසිංහගේත්, ජනාධිපති සිරිසේනගේත් දෙමුහුන් පාලනය, අභූත චෝදනා න`ගා අප සිරකුටියක සිරකර තබා ඇති මුත්, අපගේ අදහස්, අපගේ මතය ඔබ වෙත පිරිනැමීම වැලකීමට ඔවුන් සමත් නොවන බව මා පළමුව අවධාරණය කරනවා. 

    අද ජනවාරි 22යි. මීට වසර 126කට පෙර, එනම් 1891 ජනවාරි 22 අනගාරික ධර්මපාලතුමන් ශ‍්‍රී‍්‍රි ලංකාව කෙරෙහි කලකිරී ඉන්දියාවට ගිය බව මම අසා තිබෙනවා. එතුමන් ඉන්දියාවට ගියේ, වත්මන් අගමැති වික්කමසිංහගේ අතීත පරම්පරාව එතුමන්ට එල්ල කරන ලද අභූත චෝදනා හා අසික්කිත අවලාද හමුවේ කලකිරීමට පත්වයි. 

    එදා මෙන්ම අදත්, මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් කැපවූවන්ට, දිවි හිමියෙන් මේ උතුම් මාතෘභූමියට ආදරය කරන්නවුන්ට අවලාද, අභූත චෝදනා හා සිරගෙවල් උරුම වී තිබෙනවා. අප මේ උතුම් මව්බිමට ආදරය කරන්නට පටන් ගත්තේ, එය වෙනුවෙන් කැපවෙන්නට තීරණය කළේ ඒ කවර දෙයකට වුව මුහුණ දීමේ සූදානමින්, එක හිරගෙයක නොව හිරගෙවල් දහසක හිර කළද රටත් ජාතියත් වෙනුවෙන් වන අපගේ වගකීම අත්නොහරින බව මම ඔබට ශපථ කරනවා. 

    මේ බියගුලූ පාලකයන් අපව සිරගත කොට ඇත්තේ වාහන අවභාවිතයට අනුබලදීම නැමැති අභූත චෝදනාව න`ගමින් මෙය දැන් අධිකරණය හමුවේ තිබෙන කාරණයක් වන නිසා මම ඒ ගැන මෙහිලා වැඩිදුර යමක් ප‍්‍රකාශ කරන්නේ නැහැ. එහෙත්, ඔබත් මාත් හමුවේ අද දක්නට ඇත්තේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ අසමසම නායකත්වයෙන් එක්සේසත් කරන ලද, ආර්ථික හා දේශපාලන වශයෙන් ඔසවා තබන ලද ඔබගේත්, මගේත්, අපගේ දූ දරු පරම්පරාවන්ගේත් මව්පොළොව මේ අධම පාලකයන් විසින් ප‍්‍රසිද්ධියේම අවභාවිතා කරමින් සිටින අයුරු නොවේද? යුද්ධ කර. එක්සේසත් කරන ලද මව්බිම විදේශිකයන්ට විකුණාගෙන කන පරගැති පාලනයක්, දෙමළ බෙදුම්වාදීන්ට වරදාන දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෙමළ ජන සමාජය නැවතත් අන්තවාදී, බෙදුම්වාදී දඩුකඳේ සිරකරමින්  සිටින පාලනයක්, යුරෝපා සංගමයට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අවශ්‍ය ලෙස අපගේ රාජ්‍යයේ නීති අණ පනත්

වෙනස් කිරීමට එකඟවී සිටින පරගැති බෙලහීන පාලනයක්, මහා සඟගරුවනට පහර දෙන, හිරේ දමන, රණවිරුවන් දඩයම් කරන, රට බේරාගත් නායකයා ඇතුළු එතුමා වටේ සිටින ජන නායකයන් දඩයම් කරන සාහසික මර්දනකාරී පාලනයක් හමුවේ අප තව කොතෙක් කලක් නිහ`ඩව බලා සිටිනවාද? 

    ලොව අගනාම ස්වාභාවික වරායක් වූ, යුද උපායික වශයෙන් තීරණාත්මකව වැදගත් වන්නාවූ ත‍්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දෙනු ලබන බව පවසන, අනාගත සේද මාවතේ වඩාත් කාර්යබහුල වරාය වන්නා වූ හම්බන්තොට වරාය චීනයට විකුණාගෙන කෑමට සැරසෙන රටට ජාතියට හතුරු පාලනයක් දෙස තව කොතෙක් කලක් ගතවන තුරු අප ඉවසා බලා සිටිනවාද? නොරටුන්ට බදු සහන හා නොයෙක් වරප‍්‍රසාද අත දිග හැර ලබාදී, දේශීය කර්මාන්තකරුවාට හා ව්‍යාපාරිකයාට මෙන්ම සාමාන්‍ය පොදු ජනතාවට ඔරොත්තු නොදෙන බදු බරක් පටවා ඇති ජන පීඩක පාලනයක් තව කෙතෙක් කලක් පවතින්නට ඉඩදී අපි බලා සිටිනවාද? 

    එක්සේසත් කරන ලද ජාතිය, යළි බෙදා වෙන් කිරීම සඳහා ව්‍යවස්ථා මරඋගුල් අටවන රූකඩ ආණ්ඩුවකට ජාතියේ ඉරණම තීරණය කිරීමට ඉඩදී අප තව කොතෙක් කලක් ඉවසා බලා සිටිමුද? 

    එට්කා වැනි ගිවිසුම් හරහා ආපසු හැරවිය නොහැකි ඛේදවාචකයකට මේ රට ඇද දමන තුරු ඉවසීමෙන් බලා සිටීමේ හැකියාවක් අපට තිබෙනවාද? ඒ අනතුර සිදුවන තුරු  අප බලා සිටිනවාද? 

    ශ‍්‍රී ලංකා මහ බැංකුව මහ දවල් ශුද්ධ කර, දේදුනු වර්ණ පවුල් පාලනයක් විසින් සෑම ගනුදෙනුවකින්ම මහා පරිමාණව හොරා කන. රුපියල මස්තබාල්දු කළ, ආර්ථිකය හතර ගාතෙන් ඇද වැට්ට වූ මේ ද්‍රෝහී පාලනය තව කොතෙක් කලක් පවතින්නට ඉඩ දී අප බලා සිටිනවාද? 

    දුෂ්ට පාලකයන් බලයට ආ විට සොබාදහමද කම්පා වන බව අප අසා තිබෙනවා. රාජපක්ෂ යුගයේදී සහලින් ස්වයංපෝෂිත වූ රට, අද පිටරටින් හාල් ගෙන්වන ඉරණමට ඇද වැටී අවසානයි. ණය බර ගැන කටමැත දොඩවන මේ ආණ්ඩුව, පසුගිය වසර 2ට ගෙන ඇති මුළු ණය ප‍්‍රමාණය, රාජපක්‍ෂ ආණ්ඩුව වසර 10ටම ගත් ණය ප‍්‍රමාණයට ආසන්න බව ඔබ දන්නවාද? මේ ණය බර වැඩිකර ඇත්තේ එක සංවර්ධන ව්‍යාපෘතියක් හෝ සිදු කරමින්ද? 

    අද, 2015 ජනවාරි 8 බළ පෙරළියට කරගැසූ ඇතැමුන්, ඔවුන් සිදු කළ පාපයෙන් ගැලවීම සඳහා ආණ්ඩුව විවේචනය කිරීමට පටන්ගෙන තිබෙනවා. ඒ අයට උවමනා වූයේ රට අවුලෙන් අවුලට අද හෙළන ආණ්ඩුවක් බිහිකර, ඒ අවුලෙන් ප‍්‍රයෝජන ගන්නට නොවේද? ඌරන්ට උවමනා අසූචි පිරුණු වළවල්  එලෙසින්ම, මේ දේශපාලන ඌරන්ට ද උවමනා වූයේ, අසූචි පරුණු වලක් බ`දු වූ මේ බෙලහීන අසමත් ආණ්ඩුවයි. දැන් ඔවුන් අතේ සටන්පාඨ තිබෙනවා. රාජපක්‍ෂ පාලන සමයේ නොතිබූ සටන්පාඨ තිබෙනවා. රට අද ඇද වැටී ඇති අවාසනාවන්ත අඳුරු ඉරණමට ඇද දැමූ ඒ කිසිවකුටත් ජනතාව සමාව දිය යුතු නැති බව අපි අවධාරණය කරනවා. 

    අද රටම වෙන්දේසිපොළක් බවට පත්ව තිබෙනවා. වෙන්දේසි සමාගම රනිල්-මලික් -චරිත රත්වත්තේ හා පාස්කරලිංගම් හවුල් සමාගමයි. සිරිසේන ජනාධිපතිවරයා, රට විනාශය කරා ඇද ගෙන යාමට රනිල්-  මලික් - චරිත පාස්කරලිංගම් හවුලට ඉඩදී ඉදහිට හීන් කෙදිරියක් නගන ඉරණමට අද වැටී සිටිනවා. මේ කොල්ලකාරී හවුලට රට වැනසීමට ඉඩදී අපි තව කොතෙක් කලක් බලා සිටිනවාද?

    එදා රනිල්ගේ මාමාගේ ආණ්ඩුව, 1977 බලයට ආවේ ‘‘ධර්මිෂ්ඨ සමාජයක්’’ බිහිකරන පොරොන්දුව ඉස්සරහට දාගෙනයි. නමුත් ඒ ආණ්ඩුව කෙළවර වුණේ, උතුරෙත් දකුණෙත් ජීවිත දස දහස් ගණනින් බිලිිගන්න ගිනි ගොඩවල් අවුලූවලයි. එදත් ඇමෙරිකා එක්සත් ජනපදයට, ඉන්දියාවට උවමනා අයුරින් අපේ රට නැටෙව්වාෟ ප‍්‍රතිඵලය වුණේ, මළමිනී පාරවල්වල ගොඩගසන ඉරණමට රට ඇද වැටීමයි. අදත් ඒ මාමාගේ බෑනා, මේ රට ඇදගෙන යන්නේ මාමන්ඩිය උගන්නපු ඒ මාවතේමයි. ඔබ බලා සිටින්නේ,

නැවත මේ රටේ ගංගා තරුණ ලේවලින් රතුවනතුරුද? නැවත මේ රටේ මංමාවත්, වටරවුම් තරුණ මළසිරුරවලින් අලංකාර කරනතුරුද? 

    දැන් ආණ්ඩුව ජී.එස්.පී සහනය ලබාගන්න පනත් කෙටුම්පත් 50කට වැඩි සංඛ්‍යාවක් බටහිරට  ඕනෙ විදියට වෙනස් කරන්න හදනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න හදනවා. බෙදුම්වාදයට අවශ්‍ය ජයග‍්‍රහණ දිනා දෙන, තිබෙන සහජීවනයත් මරා දමන ව්‍යවස්ථාවක් ගේන්න හදනවා. මේ රටේ සභ්‍යත්වය වනසා දැමීමට ඉවහල් වන පියවර ගන්න හදනවා. දරුවන් සිටින මව්වරුන්, පියවරුන් වශයෙන් ඔබ ඊට ඉඩදෙනවාද? 

    අපේ මව්බිම පිහිටා තිබෙන්නේ ලෝක සිතියමේ විශේෂ ස්ථානයක. මලක්කා සමුද්‍ර සන්ධියට පෙර පවතින එකම ගොඩබිම අපේ රටෟ අප‍්‍රිකානු, නැගෙනහිර හා මධ්‍යම ආසියානු කලාප තුනටම නාභිගත වන ස්ථානයේ පිහිටා තිබෙන්නේ අපේ  රට ඒ නිසා මේ මව්බිම අධිරාජ්‍යවාදී බලවතුන්ට වැදගත් ස්ථානයක්. අපේ රටට ගිනිකොන දෙසින් ඇති දියාගෝ ගර්ෂියාවේ තිබෙන එක්සත් ජනපද යුද කඳවුර  99 අවුරුදු බදු කාලය නිමා වීම නිසා වෙනත් ස්ථානයකට ගෙන යන්න සිද්ධ වෙලා. දැන්, ඒ  වෙනුවට ඉව අල්ලන්නේ අපේ රටට මේ පරගැති ආණ්ඩුව හදන්නේ අපේ රට අධිරාජ්‍යවාදීන්ගේ යුද තිප්පොළක්  බවට පත් කරන්න. කොටි ත‍්‍රස්තයන්ට රටෙන් තුනෙන් එකක් තෑගි ඔප්පුවකින් ලියලා දෙන්න ලෑස්ති වුණ රනිල්ට, මේ රට එක්සත් ජනපදයේ යුද තිප්පොළක් කරන එක අමාරු වැඩක් නොවෙයි.     

    ඒ නිසා අප මේ අනතුර දකින්න  ඕනෙ. 2015 ජනවාරි 15 වරද්දා ගත්ත වගේ වසර ආයෙමත් වරද්දා ගත්තොත් අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ. අද මාධ්‍යයට තර්ජන කරනවා. මාධ්‍යවේදීන්ට පහර දෙනවා. ඒත් වෙනදා වගේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හෝ භඨධ  කල්ලි ඒවා හෙළා දැකලා නිවේදන නිකුත් කරන්නේ නැහැ. අපේ ආණ්ඩුව කාලෙනම් කිඹුහුමක් ඇරියත් ඔවුන් නිවේදන නිකුත් කරනවා. එයින්ම පෙනෙනවා මේ අයට උවමනා වුණේ මහින්ද රාජපක්‍ෂව එළවන්න විතරයි, හැබැයි මහත්වරුනි, උඹලා කුමන්ත‍්‍රණවලින් මහින්ද රජපක්‍ෂ එලෙව්වාට මේ රටේ කෘතවේදී ජනතාව, දැන් එදාටත් වඩා වැඩියෙන් එතුමාව දේශපාලන බිමේ හරි මැදට ඔසවා තබා තිබෙනවා. 

    පැරද්දුවා කියන මහින්ද වටේ තමයි දැන් මේ ඔක්කොම කැරකෙන්නේ. එදා ලංකාවේ දේශපාලනයේ ගුරුත්වකේන්ද්‍රය වුණේ පිරපාහරන්. අද ලංකාවේ දේශපාලනයේ ගුරුත්වකේන්ද්‍රීය පිරපාහරන් පරද්දපුු මහින්දෟ හැමෝටම සෙල්ලම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මහින්දට සාපෙක්ෂවෟ ඔව්ෟ මේ සෙල්ලම වැඩිකල් යන්නට කලින් අපි අවසන් කරනවා. ඒ නිකම් නොවෙයි... නැවතත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය සහිත යුගයක් බිහි කරලා.

    මේ විදියට ඔබ ඇමතීම මට පුරුදු ක‍්‍රමයක් නොවෙයි. දැන් වේලාව රාත‍්‍රී 12ත් පහුවෙලා. සිරගතව සිටින කාලය තුළ අලූත් ග‍්‍රන්ථයක් එළිදක්වන්නට අවශ්‍ය කටයුතු කරන්නත් කාලය යොදවන්න මට පුළුවන් වුණා. ඒ සඳහා කාලය සොයා දුන් මේ පාලකයන්ට මම මගේ ස්තුතිය පුද කරනවා.

    මඩ, අවලාද, හිරගෙවල්වලින් අපේ ගමන නවත්වන්න බෑහැෟ අපි එදා දේශපාලනය පටන් ගත්තු ජනතා විමුක්ති පෙරමුණ මේ අෘණ්ඩුවේ මර්දනය සාධාරණීකරණය කරන ‘සිරිකොත රතු කොලූ බලකාය’ බවට පත් වෙලා. එදා විජේවීර සහෝදරයා, ජවිපෙට තෝරපු උපායමාර්ගික ගමන් ම`ගවුණේ ‘‘අධිරාජ්‍යවිරෝධි අරගලය ඔස්සේ සමාජවාදයට’’යන්නයි. අද ජවිපෙ උපායමාර්ගික ගමන් මග වෙලා තියෙන්නේ ‘‘දූෂණ විරෝධී අරගලය ඔස්සේ සිරිකොතට’’යන්නයි. ඒකියභාවය වෙනුවෙන් අධිරාජ්‍යවාදයට’ එරෙහිව ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව දිවි පුදා සටන් කළ අභිමානවත් පක්‍ෂයක් එහි කුමන්ත‍්‍රණකාරී නායකයන් අරගෙන ගිහින් තියෙන තැන අහෝ දුකකි.ඉරකි.තිතකි.

    දැන් ආයෙත් සමහරු බොරු වලවල් කපාගන්න පටන් අරන්. 2015 ජනවාරි 08 මේ වලට රටම

ඇද වට්ටපු අය, අලූත් අඳුම් සිවුරු ගතලාගෙන තවත් බොරු වලවල්වලට ජාතියත් රටත් ඇද වට්ටන්න හදනවාෟ ඒවට අහු වෙන්න එපාෟ අතීතයෙන් ඉගෙන ගන්නෟ අපි ජනවාරි 08ට පෙර කියූ අනාවැකි හරිද, වැරදිද, කියලා හිතන්න.

    මේ වෙලාවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගෙනුත් ඉල්ලීමක් කරන්න  ඕනෑ. අතිගරු ජනාධිපතිතුමනි, ජනතාව නැවත ඔබතුමන්ව මේ දේශපාලන පිටියේ ඉහළින්ම ඔසවා තබා තිබෙන්නේ, මේ රට ඉක්මනින් බේරා ගනියි කියන විශ්වාසයෙන්  මේ ආණ්ඩුවට දැන්  ඕනෙ වෙලා තිබෙනවා ඔබතුමාගෙත් ඔවුන්ට තර්ජනයක් වන තවත් අපේ කඳවුරේ නායකයන්ගෙන ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න. ඒකට අධිකරණයක් නොවන විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවන්න මේ පරගැති දෙමුහුන් හවුල ලෑස්ති වෙනවා. මම මේ ජනතාව වෙනුවෙන් සහතික වෙනවා, ඒක කරන්න ආවොත් එදාට තමයි මේ ද්‍රෝහී පාලකයන්ගේ ඉරණම තීරණය වෙන්නේෟ ලක්‍ෂ ගණනින් පාරට බැහැලා මේ අසමත් රූකඩ නායකයන් කනෙන් අල්ලලා එළියට ඇදලාදාන්නෟ ජාතියේ කැනහිලූන්ට ජාතියේ වීරයන්ගේ ඉරණම කතීරණය කරන්න ඉඩ දෙන්න බැහැ. රණකාමී දූ පුතුන් ඒකඩ ඉඩදී බලා ඉන්නේ නැහැ.  

    දැන් ඉතින් මම මේ කතාව අවසන් කළ යුතුයි. මා හිරගත වූ දවසේ පටන් දුක සැප විමසූ, මා වෙනුවෙන් කැපවූ, මේ සමුළුව බලවත්ව සාර්ථකව කරන්න දායක වූ ඔබ සියලූ දෙනාටම, අපේ පක්‍ෂයේ නායකයන් ඇතුළු ඔබ සියලූ දෙනාටම මාගේ ශිර්ෂ ප‍්‍රණාමය මම පුදකරනවා. මේ උණුසුම් බැ`දීම,  ඕනෑම අසීරු අභියෝගයක් ජයගැනීමට තරම් අපගේ අධිෂ්ඨානය ඔසවා තබා තිබෙනවා. ඔව්. අප මේ නිරතව සිටින්නේ අපේ යුගයේ ජාතික අරගලයේෟ ජාතියේ නිදහස පිණිස වූ අරගලයේ නූතන නිදහස් අරගලයේ  ඒ සටන වෙනුවෙන් ජීවිතය වුව පූජා කිරීමට අප සූදානම්. අපගේ වීරෝදාර මුතුන්මිත්තන් ඒ ජවය අපට උරුම කරදී තිබෙනවා.     

    ඉතින්, එහෙනම් අපි එකාවන්ව එකමුතුව, මේ නිදහස් අරගලය ජය ගනිමු. අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ දෙමුහුන් ආණ්ඩුව පළවා හරිමු. මව්බිමට නිදහස,  ගෞරවය, අභිමානය රැගෙන එමු. සිංහල, දෙමළ මුස්ලිම් ජනතා සමගිය ගොඩනඟමු. 

මාතෘභූමියට ජයවේවා!  

ඔබ සැමට ජයවේවා!   

විමල් වීරවංශ

නායක,

ජාතික නිදහස් පෙරමුණ 

සිරකුටියේ සිට...       

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment