තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි 

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි 

මේ වනවිට රටේ ගිහි පැවිදි විද්වතුන් වගේම බහුතර ජනතාව නව වෙනසකට මුල පුරමින් සිටින බවත් ඒ සඳහා අලුත් පිම්මකට සූදානම් වීමට සිදුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. 

ඒ අලුත් පිම්ම පැනීම සඳහා තමා දැනටමත් සූදානමින් සිටින බව පසුගියදා මල්වතු විහාරයේදී මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දුටු ඒ මහතා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසී ය.

"මම වසර 35කට අධික දේශපාලන පළපුරුද්දක් තියෙන කෙනෙක්. මේ වන විට දේශපාලන පක්ෂ වෙතින් නොයෙක් සංවිධාන වෙතින් මට ආරාධනා විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. නමුත් මම මේ දිනවල කා සමඟවත් සෘජු දේශපාලන සබඳතාවක් නෑ. අවශ්‍ය වෙලාවට නව මහජන බලවේගයක් සමඟ මම නැවතත් දේශපාලනයට එනවා" යැයිද ඒ මහතා සඳහන් කළේය.

"මාව හිරේ දාලා මගේ දේශපාලන ගමන නම් නවත්වන්න බෑ. මේ රටේ දේශපාලන වේදිකාවල කතා කරපු දෙයකට කාටවත් නඩු දාලා නැහැ. නමුත් මට නඩු දාලා දවස් 50ක් බන්ධනාගාර ගත කළා. මට විරුද්ධව කූට ලේඛන හදපු බවට චෝදනා නෑ. වෙන චෝදනා තමයි දාලා තියෙන්නේ. මේ සඳහා ස්වාධීන නඩු විභාගයක් මම අපේක්ෂා කරනවා. යුක්ති සහගත නඩු විභාගයක් සිදු නොවුණහොත් මම ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සහාය ගන්න බලාපොරොත්තු වෙනවා" යැයිද ඒ මහතා පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment