සොයුරා සමග එක්ව ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක් කරන ඇමති කවුද?


රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්‍රං තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බව පොලිස්‌ බුද්ධි අංශ තොරතුරු ලැබී ඇතැයි අද දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

එම වාර්තාවේ දැක්වෙන ආකාරයට ඉඩම් කොල්ලකෑම් සම්බන්ධයෙන් ද මෙම ඇමැතිවරයාට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බවත් මෙම ඇමැතිවරයා තම අමාත්‍යාංශයේ නිල වාහන ද යොදාගෙන රත්‍රං ජාවාරම කරගෙන යන බවත් රත්‍රං ඉන්දියාවට විකිණීම සිදු කරන්නේ ගුවන් මාර්ගවලින් සහ

මුහුදු මාර්ගවලින් බවත් දක්වා ඇත.

දිවයින වාර්තාවේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

‘කටුනායක ගුවන්තොටුපොළේ නිලධාරීන් පිරිසක්‌ද මෙම ජාවාරම පිටුපස සිටින අතර රත්‍රං තොග ගුවන්තොටුපළ දක්‌වා රැගෙන යැමට ඇමැතිවරයා තම නිල වාහන යොදාගන්නා බවට හෙළි වී තිබේ. ඇමැතිවරයාගේ නිල වාහනයෙන් රැගෙන යන රත්‍රං තොග ගුවන්තොටුපළේදී ඉතා සූක්‍ෂම ලෙස එහි සිටින නියෝජිතයකුට භාර දෙන අතර ඔවුන් ඒවා ඉන්දියාවට රැගෙන යන බවද හෙළි වී ඇත.

මීට ටික කලකට පෙර මෙම ඇමැතිවරයා ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් මුහුදු මාර්ග ඔස්‌සේ රත්‍රං කිලෝ 50 ක්‌ ඉන්දියාවට යෑවීමට උත්සාහ කළ අවස්‌ථාවේ ඒවා නාවික හමුදාවට කොටු වී තිබිණි.

එම රත්‍රං තොගය අත්අඩංගුවට පත් වීම නිසා ඇමැතිවරයාට ඔහුගේ සොහොයුරාට සහ ජාවාරම පිටුපස සිටි පිටකොටුවේ කෝටිපති ව්‍යාපාරිකයාට විශාල පාඩුවක්‌ විඳීමට සිදු විය.

එම පාඩුව පියවා ගැනීම සඳහා පිටකොටුවේ ව්‍යාපාරිකයා ඔහුට අයත්ව තිබූ පිටකොටුවේ ගොඩනැඟිල්ලක්‌ පවා විකුණා දැමූ බවද බුද්ධි අංශ මගින් අනාවරණය කර ගෙන ඇත.

මෙම ඇමැතිවරයා ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායම මෙරට ඇති රත්‍රං තොග පිටින් හොර රහසේම ඉන්දියාවට යෑවීම රටේ ආර්ථිකයටද විශාල බලපෑමක්‌ එල්ල කරන බව බුද්ධි අංශ පවසයි.‘


(වාර්තාව - හේමන්ත රන්දුණු - දිවයින)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget