සමහරු මට මඩ ගැහුවට -මං කිව්ව සියලු දේවල් ඇත්ත මං අවුරුදු 4 දී පෙළපාලියකුත් ගියා -චතුර සේනාරත්න


සමහරු මට මඩ ගැහුවට -මං කිව්ව සියලු දේවල් ඇත්ත
මං අවුරුදු 4 දී පෙර පාසලේදී පෙළපාලියකුත් ගියා
-චතුර සේනාරත්න

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කථාබහට ලක්වූ චරිතයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පත්ව තිබුණා. එයට හේතුවූයේ ඔහු දෙරණ24-7 නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණු යම් යම් පිළිගන්නට අපහසු කතා කිහිපයකි.
1982 උපත ලද චතුර සේනාරත්න 1988දී මියගිය විජය කුමාරතුංග සමග දේශපාලනය කළ බව
එහිදී දන්වා තිබුණ අතර විජය මියගිය පසු බැංකු ගිණුම පරීක්ෂා කරන්නට චන්ද්‍රිකා මැතිණිය සමග ගිය ආකාරයක් ගැනද කරුණු සැලකර තිබුණි. ඊට අමතරව ඔහු චන්ද්‍රිකාට එරෙහිව වික්ටර් අයිවන් ලියූ ‘චෞර රැජිණ‘ පොතට කරුණු සපයා ඇති බවද දන්වා සිටින ලදි.

මෙම කරුණු වලට අමතරව ‘තමා නොකළ දෙයක් නැති ගාණට‘ දේශපාලනය ගැන නොනවත්වා කථා කළ චතුර එම සාකච්ඡාවේදී දන්වා තිබුනේ රජයේ ඉහළම තනතුර ලබාදෙන්නට මෛත්‍රී ජනපති තමාගෙන් තෙවරක් ඉල්ලුවත් දිගටම එය ප්‍රතික්ෂේප කළ බවකි.

මෙම කතා පිළිගන්නට අපහසු ‘පම්පෝරි‘ ලෙස සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වූ අතර වික්ටර් අයිවන් මහතාට දුරකථනයෙන් අමතා එක්තරා මාධ්‍යවේදියෙකු මේ ගැන විමසීමේදී වික්ටර් අයිවන් මහතා චතුරගේ කතාව ප්‍රතික්ෂේප කර තිබුනේ ‘බොරුනේ.. පිස්සුනේ.. මං ටෙලිෆෝන් එකෙන් ඕනනම් දෙපාරක් විතර කථාකරල ඇති එච්චරයි‘ ලෙස කියමිනි.

මෙම පසුබිම තුළ ඊයේ බීබීසී සිංහල සේවය ඉහත කරුණු ගැන චතුර සේනාරත්නව යළි විමසීමට ලක් කළ අතර ඔහු එහිදී ඔහු කියූ කිසිවක් වැරදි නැති බව නැවත තහවුරු කළේය.

එම අවස්ථාවේ තවත් කරුණු ඉදිරිපත් කරමින් තමා වයස 4 පෙර පාසලේදී විජය කුමාරතුංග වෙනුවෙන් පෙළපාලි පවා ගිය බව ඔහු කීවේ නිවේදකයාට සිහහා උපදවමිනි. වික්ටර් අයිවන් බොරුවක් කියා ඇති බවද ඔහු කීවේය.
ඔහු ඒ ගැන පැහැදිලි කළ අයුරු වීඩියෝව පහතින්

------------------------------
මින් ඉහත මතභේදයට ලක්වූ ඔහුගේ වීඩියෝව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment