කුසල් මෙන්ඩිස් රට ඉන්න අතරේ තෙමහල් නිවසට හොරු පනී

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ පානදුර, ගොරකාන, හල්කණුව පාරේ නිවෙසට පසුගිය 2 වනදා මැදියම් රැයේ ඇතුළුවූ සොරුන් විසින් රුපියල් 3,10,000ක් වටිනා රන් ආභරණ සහ රුපියල් 5,000ක මුදලක්
සොරකම් කරගෙන ගොස් ඇති බව
පානදුර උතුර (කෙසෙල්වත්ත) පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
එදින රාත්‍රි 11ත් අලුයම 1ත් අතර සිදුවී ඇති මේ සොරකමේදී රන්මාල 3ක්, රන් මුදු 4ක්, පවුම් 1 3/4ක රන් මාලයක් සහ මුදු 2ක් සමඟ රුපියල් 5000ක මුදලක්ද සොරුන් විසින් ගෙන ගොස් ඇත.
 තුන් මහල් නිවෙසේ බිම් මාලයේ කාමරයේ අල්මාරි ලාච්චුවක මේ රත්රන් බඩු තිබී ඇති අතර ලාච්චුව කඩා ඒවා සොරකම් කරගෙන ගොස් ඇත.
මේවනවිට කුසල් ලංකාවෙන් පිට නිසා නිවස පාළුවට වසා දමා තිබෙන අතරවාරයේ සොරකම සිදුව ඇත.
පවුලේ සාමාජිකයකු මෙම සොරකම පසුව දැක පැමිණිල්ල කර තිබේ.
සොරකම පිළිබඳ කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment