කේරළයේ 18 හැවිරිදි සිසුවියකගේ මරණය ගැන පොලිසියට එරෙහි උද්ඝෝෂණ


ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචි ප්‍රදේශයේ අහඹු ලෙස මියගිය 18 හැවිරිදි මිෂෙල් ශාර්ගි වාර්ගෙසි නමැති තරුණියක නිසා ආන්දෝලනයක් හටගෙන තිබේ.

කාචරපැඩි නගරයේ චාර්ටඩ් එකවුන්ටන්සි
පාඨශාලාවක සිසුවියක ලෙස නේවාසිකව ඉගෙන ගනිමින් සිටි මෙම සිසුවිය නේවාසිකාගාරයට පල්ලි යන බව දන්වා පසුගියදාක සවස 5 ට පමණ පිටත්වී ඇති අතර ඇය නැවත නේවාසිකාගාරයට නොපැමිණි නිසා නේවාසිකාගාර බලධාරීන් මෙන්ම නිවැසියන් කලබලවී ඇයව රැය මුළුල්ලේ සොයා තිබේ. පසුවදා උදෑසන ඇය එම පල්ලිය අසළ අතුරුපාරක මියගොස් සිටියදී හමුවිය.
පොලිසිය මේ ගැන පරීක්ෂණ සිදු කර දන්වා තිබුනේ ඇය සියදිවිනසාගෙන ඇති බවකි.

කෙසේ වෙතත් ඇගේ ඥාතීන් මෙන්ම හිතවතියන්ද එය විශ්වාස නොකළ අතර පසුව හමුවූ සීසීටීවී වීඩියෝවකින් ඇය පල්ලියට යන ආකාරය හා එයින් සවස 6 ට පමණ පිටවන ආකාරය සටහන්වී ඇත. අනතුරුව ඇය පැමිණි මාර්ගයේම යන අවස්ථාවේ ඇය පසුපසින් තරුණයින් දෙදෙනෙකු යන අයුරු සටහන්වී ඇත. ඇය එම මාර්ගය නිමවන තැන බස් නැවතුමට පැමිණ නොතිබූ අතර ඒ අසළ අතුරු මාර්ගයකදී ඝාතනයට ලක්ව ඇති බව සැක කෙරෙයි.
පෙර කී තරුණයින් ඇයට කරදරයක් කර ඇති බවටද කතා පැතිර තිබේ.

ඇය වෙනුවෙන් උද්ඝෝෂණය කරන අය පවසන්නේ කිසියම් බලවන්තයෙකුගේ උවමනාව මත ඇගේ ඝාතනය සියදිවිනසාගැනීමක් ලෙස නම් කර පොලිසිය සිද්ධිය යටගසා ඇති බවයි.

සීසීටීවී සහිත වීඩියෝ වාර්තාව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment