සමලිංගික ඇසුරක යෙදුණ අලුත්ගම පාසල් සිසුන් දෙදෙනෙකුට ඒඩ්ස්


සමලිංගික ඇසුරක යෙදුණ
අලුත්ගම පාසල් සිසුන් දෙදෙනෙකුට ඒඩ්ස්


අවුරුදු 14 සහ 16 වයසේ පසුවන අලුත්ගම ප්‍රදේශයේ පාසල් සිසුන් දෙදෙනෙකුට ඒඩ්ස් රෝගය වැළ‍ඳීමේ සිදුවීමක් උසාවිය මගින් පසිඳලන්නට සිදුවූ අවස්ථාවක් අද වාර්තා වුණා.
දෙමාපියන්ගේ රැකවරණය නිසි පරිදි නොලැබීම නිසා නොමග ගිය මේ දෙදෙනා රූපලාවන්‍ය ශිල්පියෙකු සමග  සමලිංගික ඇසුරකට ඇබ්බැහිවී සිටි
අය බව පැවසේ.ඔවුන්ට ඒඩ්ස්

වැළඳීමෙන් පසු රෝහල් ගත කර ඇති අතර රෝහලේදී සිදුකළ පොලිස් පරීක්ෂණවලදී ඔවුන් ඇසුරු කළ බව කියන රූපලාවන්‍ය ශිල්පියෙකු ගැන තොරතුරු අනාවරණයවී තිබේ.
මෙම ශිල්පියා හමුවට සිසුන් දෙදෙනා යොමු කර ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකි.
මේ සිසුන් දෙදෙනා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පියා සහ මෙම සිසුන් දෙදෙනා සැපයූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කාන්තා දේහ ලක්‍ෂණ සහිත රූපලාවන්‍ය ශිල්පියා මනාලියන් හැඩගැන්වීමේ දක්‍ෂතා ඇත්තෙකු බව පැවසෙනවා. බන්ධනාගාරය තුළ මොහු වෙනම කුටියක රඳවා තැබීමටද බන්ධනාගාර නිලධාරීන් විසින් කටයුතු කර ඇත.
එච් අයි වී ආසාදිත සිසුන් දෙදෙනා අවුරුදු 14 සහ 16 වයසේ පසුවන බවත් එක්‌ සිසුවකුගේ මව හා පියා විදේශගත වී ඇතැයි ද මෙම දරුවා මිත්තනියගේ රැකවරණ යටතේ පසුවන බව ද පොලිසිය පවසනවා.
දෙමාපියන් සිය දරුවන් ගැන නිසි අයුරින් සොයා නොබැලීම නිසා මෙම දරුවන් මෙවැනි අවාසනාවන්ත තත්වයට පත්වූ බව අධිකරණයේදී ප්‍රකාශ විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment