ඇල්ලේ කොල්ලෝ 29කට ඒඩ්ස් දුන්න රුසියානු සුන්දරියන් ගැන කතාව කෙප්පයක්

රුසියානු කාන්තාවන් දෙදෙනකු නිසා ඇල්ල ප්‍රදේශයේ තරුණයන් 29 දෙනකුට එච්.අයි.වී. රෝගය වැලඳී ඇතැයි යන පුවත රට පුරා ඉකුත් සතියේ පැතිර ගොස් තිබිණි.
මේ පිළිබඳ සොයා බලන්නට අප ඇල්ල ප්‍රදේශයේ පෙරේදා 25දා සංචාරය කළ අතර මේ පිළිබඳ
ප්‍රදේශවාසීන්,
ත්‍රිරෝද රථ රියැදුරන්, හෝටල් හිමියන් හා වෛද්‍යවරුන්ගෙන් අදහස් ලබා ගන්නට හැකි විය. සමාජ ජාල වෙබ් අඩවිවල මේ පුවත විදුලි වේගයෙන් පැතිර ගිය අතර රුසියානු කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වැලඳී ඇතැයි සඳහන් විය.
එම කාන්තාවන් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ හෝටල් හිමිකරුවෙක්, සේවකයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් ආදී පිරිස 29ක් බවත් ඔවුන් සියලු දෙනාටම එච්.අයි.වී. වැලඳී ඇතැයි යනුවෙන් පුවත පැතිරුණි.

ඇල්ල ත්‍රිරෝද රථ සංගමයට අයත් ත්‍රිරෝද රථ 54ක් ඇති අතර ඔවුන් එක හෙළාම මේ පුවත ප්‍රතික්ෂේප කරයි. එම රියැදුරන් පවසන්නේ තමන් ඕනෑම ලේ පරීක්‍ෂාවකට ලක්කරන ලෙසයි.

එලෙස රුසියන් කාන්තාවන් සමඟ ඇල්ල ත්‍රිරෝද සංගමයේ කිසිවකු හාදකම් පවත්වා නොමැති බව ඔවුහු පවසති.
එම ත්‍රිරෝද රියැදුරන් පවසන්නේ ඇල්ල නැරැඹීමට එන සංචාරකයන් නැවැත්වීමට කිසියම් පිරිසක් සංවිධානාත්මකව කරගෙන යන ප්‍රෝඩාවක් බවයි.
අප ප්‍රදේශවාසීන්ගෙන් හා කඩ හිමියන්ගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔවුන්ද එවැනි රාවයක් රටේ හැමතැනම ඇතත් ඒ ගැන ඇල්ල ප්‍රදේශවාසීන්ද මාධ්‍යයෙන් පමණක් දැනගත් බව සඳහන් කළහ.

ඇල්ල රෝහලේ වෛද්‍ය ආර්.බී. සුගතදාස මහතාගෙන් අප කළ විමසුමේදී ඔහු පැවැසුවේ රෝහල් මට්ටමින් එවැන්නක් වාර්තා වී නැති බවයි.

මාතර - උදය කුමාර රණවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment