අවසානයේ වික්ටර් කථා කරයි


අවසානයේ වික්ටර් කථා කරයි


පසුගිය දින කිහිපයේ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායගේ අලුත් විවාහ ජීවිතය සම්බන්ධ ඔහුගේ පුත් ලෙලුම් හා නව බිරිය හෂිනි අදහස් දැක්වීමෙන් අනතුරුව මේතාක් නිහඬව සිටි වික්ටර් ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබේ.
මෙම සාකච්ඡාව තුළදී සිය පුද්ගලික ජීවිතයේ ගැටලුව  ගැන එල්ලවූ විවේචන සම්බන්ධයෙන් මෙසේ කියා ඇත.
‘අප ගන්න පියවරකට වෙනත් අය දැඩි විවේචන එල්ලකරන්න පුළුවන්. ඒත් ඇත්තෙන්ම බෞද්ධයෙකු හැටියට මට එල්ලවන චෝදනා
සම්බන්ධයෙන්
උපේක්ෂාව වඩවාගන්න තරම් ශක්තියක් මට තිබෙනවා.මා උගතුන් ඇසුරු කරන පොතපත පරිශීලනය කරන කෙනෙක්.ඒ වගේම මම දහම පිළිබඳ විහ්වාසයෙන් කටයුතු කරන බෞද්ධයෙක්. එතකොට අපට දැනෙන විඳින කම්පනයට පත්වන දෙයක් ඇහුවත් ඒවා ඉවසා දරාගන්න පුළුවන්.

සතුටටත් එහෙමයි. කලාකරුවා කියන්නෙ නිතරම දිනපු කෙනෙක්. අධික දුකට සතුටට පත්වෙන් නෑ. මේවයින් කම්පනය වෙන වෙනුවට ඒවා අලුත් ශක්තියක් කරගැනීමයි සිදුවන්නේ.

මාව මේ රටේ මිනිසුන් හඳුනන්නෙ සංගීතවේදියෙක් ගායකයෙක් විදිහටයි. මම ඔවුන්ට හැමවිටම සාදාරණය ඉටුකරල තියනවා. ඕනෑම කෙනෙකුට මාව විවේචනය කරන්න අයිතිය තියෙන්නෙ ඒ සංගීත කාරණාවෙදි විතරයි. මගේ පුද්ගලික ජීවිතය හා දරුවන් ගැන කරන විවේචන වලට ඇත්තෙ කණගාටුවක්. මේක තමයි මනුෂ්‍ය ස්වභාවය. මා ඒවා ගැන උපේක්ෂාවෙන් තමයි බලන්නෙ.‘

සාකච්ඡාව - සමන්ත යහම්පත් (ඉරිදා ලංකාදීප)

සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්
http://ift.tt/2ncfZ1X
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment