ජනපති මැදිහත්වේ - ශ්‍රී ලාංකික කපිතාන් ඇතුළු පිරිස සෝමාලි කොල්ලකරුවන්ගෙන් නිදහස්

සෝමාලි කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකික කපිතාන් ඇතුළු අටදෙනා නිදහස් කර තිබේ.මොවුන් මේවන විට අදාළ මුහුදු සීමාවෙන් පිටතට ගමන් කරමින් සිටින බව එම ශ්‍රී ලාංකික පිරිසකගෙන් අයෙකු අද දෙරණට තහවුරු කර ඇත.
පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නැව මුදාහැරීම සඳහා මෙම කොල්ලකරුවන් විසින් කප්පම් මුදල් ඉල්ලා තිබුණද, ශ්‍රී ලාංකික පිරිස මුදාහැරීම සඳහා කප්පම් මුදලක් හෝ කිසිදු අයකර ගැනීමක් සිදුකර නොමැති බව තහවුරු කර තිබේ.
සෝමාලියානු වෙරළාරක්ෂක බලකාය ඇතුළු  ආරක්ෂක
අංශවල මැදිහත්වීමෙන් ඔවුන් මුදා ගෙන තිබේ.ෙ
මේ වන විට එම නෞකාව සහ ශ්‍රී ලාංකිකයින් පිරිස මොගඩිෂු නුවරට ගමන් කරමින් සිටියි‍ෙ
ශ්‍රී  ලාංකිකයින් 08 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය සමග ඒරිස් 13 නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාව පසුගිය සඳුදා කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විය
එම නෞකාව කොල්ලකරුවන් විසින් ජිබූඩි සහ මොගඩිෂු ආසන්න ප්‍රදේශයක රඳවා සිටි අතර පුන්ට්ලැන්ඩ් ආරක්ෂක අංශ ඊයේ දිනයේ නෞකාවේ සිටින කොල්ලකරුවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි.
එහිදී  අදහස් දැක්වූ කපිතාන් එස්.ඒ නිකොලොස් මහතා කියා සිටියේ අදාළ ආරක්ෂක අංශවලට එම ප්‍රදේශයෙන් ඉවත්වන්නැයි  ඉල්ලා සිටින ලෙස කොල්ලකරුවන් තම පිරිසට දැනුම් දුන් බවයි.
ඒ අනුව නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් ප්‍රහාර එල්ල කිරීම නවතා දැමීමට අදාළ ආරක්ෂක අංශ එකඟ කරවාගෙන තිබේ.
මේ අතර  නෞකාව සහ ශ්‍රී ලාංකිකයින් ඇතුළු පිරිස මුදාගැනීම සදහා බහරේන් සහ සෝමාලියානු ආරක්ෂක අංශ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාවික හමුදාපතිවරයාට ද උපදෙස් ලබා දී තිබුණි.
කෙසේ වුවද ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් කාර්යය මණ්ඩලය ඇතුළු නෞකාව මුදාගැනීමට හැකි වූ අතර 2012 වසරෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන් විසින් නෞකාවක් පැහැරගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
 මේ අතර අදාළ නෞකාවේ කාර්යය මණ්ඩලයට ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවස්ථාව ලබාදී ඇති බව නෞකාවේ හිමිකාරිත්වය ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අදාළ සමාගම පවසය
එහි නිළධාරියෙකු  ප්‍රකාශ කළේ අදාළ කාර්යය මණ්ඩලයට ශ්‍රී ලංකාවට පැමිණීමට හෝ නැවත සේවය සැපයීමට අවස්ථාව පවතින බවයි.
 මේ අතර ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී  ලංකා රජය සිදු කළ මැදිහත්වීම ඉතා අගය කරන බව නිදහස ලැබූ ශ්‍රී ලාංකික කාර්යය මණ්ඩලය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment