නාරාහේන්පිට ට්‍රැෆික් රාළහාමි ‘දඩ වීඩියෝ‘ තහනම් කියා ෆෝන් එකට පහරදේ


නාරාහේන්පිට ට්‍රැෆික් රාළහාමි
‘දඩ වීඩියෝ‘ තහනම් කියා
ෆෝන් එකට පහරදේ


මේ දිනවල අන්තර්ජාලයේ පැතිරී තිබෙන වීඩියෝවකින් කියැවෙන්නේ නාරාහේන්පිට ප්‍රදේශයේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එක්තරා යතුරු පැදි හිමි කරුවෙකු මාර්ගයේ වරදක් කිරීම නිසා ඔහුව නතර කරගෙන දඩයක් ගසන්නට සූදානම් වන අයුරුත් ඔහු එම අවස්ථාවේ තමන් ඒ වැරැද්ද නොකළ බවට කරන තර්කයකුත්ය.
මෙහිදී යතුරුපැදිකරු
සිදු කළ වරද නිවරද
ගැන පැහැදිලි ලෙස තොරතුරු අනාවරණය වන්නේ නැත.

 කෙසේ වෙතත් මෙම වීඩියෝවේ වැදගත් කාරණාව වන්නේ තමන්ට පොලිසියෙන් අසාධාරණ දඩයක් ලැබෙන්නට යන බව සිතා එම සිදුවීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරන්නට යතුරු පැදිකරු උත්සාහ දැරීමත් එම අවස්ථාවේ එම වීඩියෝගත කිරීමට විරෝධය පා පොලිස් නිලධාරියා කැමරා ෆෝනයට අතින් ගසා පුද්ගලයාටද පහරදීමට තැත්කර වීඩියෝගත කිරීම වළක්වාලනු ලැබීමයි.

මේ කාලයේ ඕනෑම කෙනෙකුට ජංගම දුරකථන වීඩියෝවක් ඕනෑම මොහොතක ලබාගන්නට තිබෙන පහසුකම තුළ මේ ආකාර වීඩියෝගත කිරීමක් සිදු කිරීම වරදක්වන්නේද නැද්ද යන්න ගැන මේ වීඩියෝව ඔස්සේ සමාජ මාධ්‍ය තුළ දැන් කථාබහක්ද මතුව තිබේ.
එම මතභේදයට ලක්වූ වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment