රෝගීන් 60 යි මරණ 5යි – මාතලේ දඹුල්ල මහනුවර AH1N1 වසංගතයක්


මාතලේ දඹුල්ල මහනුවර ආශ‍්‍රිත ප‍්‍රදේශවල මේ දිනවල ඉන්ෆ්ලූවන්සා A H1 N1 රෝගය පැතිර යාම සීග‍්‍ර ලෙස ඉහල යමින් තිබෙන බව සමස්ථ ලංකා හෙද සංගමය පවසයි.


ඒ අනුව මාර්තු මාසයේදී මාතලේ රෝහලේ පමනක් රෝගීන් 60 ක් පමන හදුනාගෙන ඇත. ඒ අතුරෙන් 05 දෙනෙකු මියගොස් තිබේ. එම මරණ වලින් 01 ක් මාතෘ මරණයක් වීමද විශේෂත්වයක් බවත්. රෝහල් කාර්ය මණ්ඩලයේ හෙද නිලධාරීන් දෙදෙනෙකුටද රෝගය වැලදී ඇති බව එම සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන එම සංගමය මේ පිළබඳ සෞඛ්‍ය ඇමතිවරයාට ලිඛිතව මේ පිළිබඳ දැනුම් දී ඇත. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

මීට අමතරව තවත් කාර්ය මණ්ඩලපයේ කීප දෙනෙකුටම උණ රෝගය වැලදීමද සිදුව තිබේ.එසේම දැනට එම රෝහල්වල අවශ්‍ය පහසුකම් හා උපකරණ නොමැතිවීම රෝගය ව්‍යාප්ත වීමට හේතුවී තිබේ. වෙන්කර ප‍්‍රතිකාර කරන වාට්ටු (Isolation Ward) නොමැත. එසේම N19 මුඛ ආවරණ ප‍්‍රමාණවත්ව සපයා නොමැත. මීට අමතරව කාර්ය මණ්ඩලයේ මෙම රෝගයට ගොදුරුවුවන්ට අනතුරු නිවාඩු ලබා නොදෙයි. එසේම එම වාට්ටුවල කාර්ය මණ්ඩලයට අනතුරු දීමනාව ගෙවන්නේද නැත.

මේ ආකාරයට රෝගය පැතිරීම සිදු වුවහොත් දින කීපයක් ගතවන විට බරපතල වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙන බව එම සංගමය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment