විමල්ගේ ජීවිතය අනතුරේ කියමින් බන්ධනාගාරය ඉදිරිපිට ජානිපෙ විරෝධතා

මැගසින් බන්ධනාගාරයේ අඛන්ඩ උපවාසයක නිරතවී සිටින තම පක්ෂ නායක විමල් වීරවංශ මහතා
වෙනුවෙන් එම බන්ධනාගාරය ඉදිරියේ අධිෂ්ථාන පූජාවක් සහ සත්‍යක්‍රියාවක් පැවැත් වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා තිබිණි.
මෙම අධිෂ්ථාන පූජාව සහ සෙත් පිරිත් සජ්ඤායනය කරමින් සත්‍ය ක්‍රියාව මෙහෙයවීම පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ මහාචාර්ය මාදුරුඔය දම්මිස්සර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් සිදු කළහ.
මෙම අවස්ථාවට ජානිපෙ වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභික පත්ම උදය ශාන්ත මහතා ඇතුළු සෙසු පක්ෂ නායකයින් , මහජන නියෝරිතයින් රැසක් එයට එක්ව සිටියහ.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment