දඹර අමිල හිමියන්ගේ පියාට අගමැතිගෙන් අවසන් ගෞරව


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන්ගේ පියාණන් වූ අභාවප්‍රාප්ත පියසේන රාජපක්ෂ මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පස්වරුවේ (05දා) අවසන්
ගෞරව දක්වනු ලැබුවේය.
දඹර අමිල හිමියන් ඇතුළු ඒ මහතාගේ පවුලේ ඥාතීන් හට අග්‍රාමාත්‍යවරයා සිය කනගාටුව පළ කර සිටි අතර එම අවස්ථාවට අකිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම් යන අමාත්‍යවරුද එක්ව සිටියහ. අභාවප්‍රාප්ත, පියසේන රාජපක්ෂ මහතා හොරණ දඹර ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු වන අතර මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු අනූ තුනකි. අංක 115, කුඹුක, උතුර ගෝනපල නිවෙසේ දේහය තැන්පත් කර තිබූ අතර අවසන් කටයුතු හොරණ, කුඹුක පවුලේ සුසාන භූමියේදී ඊයේ (06දා) සිදුකෙරිණි. විදෙස් ගතවන බැවින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සංදේශයක් සහිත මල් වඩමක් මඟින් සිය සංවේගය පළකර තිබිණි.
(හඳපාන්ගොඩ _ ඩී.ඩී. ජයසිංහ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment