මාළු මිල වැඩි කරන්නනැයි කුකුළු මස් නිෂ්පාදකයෝ ඉල්ලුවා' මා බැහැයි' කීවා


මාළු මිල වැඩි කරන්නැයි කුකුළු මස් නිෂ්පාදකයන් පිරිසක් තමාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මේ දිනවල මත්ස්‍ය පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් කුකුළු මස් පරිභෝජනයේ පහළ බැසීමක් සිදුව ඇති බවත් පසුගිය සතියේ කුකුළු මස් නිෂ්පාදකයන් පිරිසක් තමා සමඟ කළ සාකච්ඡාවේදී එම ඉල්ලීම කළ බවත් අමාත්‍යවරයා කියයි.

අමරවීර මහතා පවසන්නේ කවර හේතුවක් නිසාවත් මාළු මිල ඉහළ නොදමන බවයි.

පසුගිය වසර වන තෙක් පාඩු ලබන ආයතනයක්ව පැවැති ධීවර සංස්ථාව 2016 දෙසැම්බර් මස රුපියල් ලක්ෂ 15 කුත්, මේ වසරේ ජනවාරි මස රුපියල් මිලියනයකුත් ලාභ ලබා ඇති බව කී ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ මේ වසර අවසන් වනවිට රුපියල් මිලියන 72ක ලාභයක් ඉලක්ක කර ගනිමින් වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක කර ඇති බවයි

(අනුරාධා හේරත්)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment