මොරගහහේන ගුරුවරියගේ අබිරහස් මරණය

මහ රෑ වත්තට එක්කගොස්
දෙඅත් ගැටගසා වසපොවා මරා දැමුණ
මොරගහහේන ගුරුවරියගේ 
අබිරහස් මරණය

නිවසේ නිදා සිටි විශ්‍රාමික ගුරුවරියක අභිරහස් ලෙස මියගොස් නිවසට යාබද වැසිකිලියක් අසළදී ඊයේ උදෑසන හමුවීමේ පුවතක් මොරගහහේන හාලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.
උදෑසන 5 ට පමණ ඇයගේ සයනයේම නිදා සිටි සැමියා අවදිව බැලීමේදී නිවසේ ඇය නොසිටි බව දැක
දරුවන්ද අවදිකරවාගෙන පරීක්ෂා කිරීමේදී නිවස ආසන්නයේ එම වත්තේම පිහිටි ඔවුනට අයත් තවත් නිවසක වැසිකිලියක් අසළ ගුරුවරිය සිහි නැතිව සෙම පෙරාගෙන වැටී සිට ඇත්තේ උඩුබැලි අතට වැතිරී දෙඅත් ගැටගසාය. ඇගේ දෑත් ඉහළට ඔසවා රෙදි කඩකින් ගැට ගසා තිබී ඇත.ඇයට කිසියම් වස ද්‍රව්‍යයක්

පානය කරවා තිබුණ සෙයක් දිස්ව තිබූ අතර මුඛයෙන් සුදු පාට සෙම වැගිරෙමින් තිබී ඇත.ඇයගේ සිරුර අසළ රතු පැහැති දියර ද්‍රව්‍යයක් අඩංගු බෝතලයක් රෙදි කැබැලි හා විදුලි පන්දමක් තිබී ඇත. මේ ද්‍රව්‍ය එම නිවස තුළ තිබුණ දේ නොවන බව නිවැසියන් දන්වා ඇත.
අසාධ්‍යව වැතිර සිටි ඇයට කථාකරගන්නටත් බැරි තත්වයක සිට ඇති අතර පසුව ඇයව හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 58 හැවිරිදි කොන්ඩාරිගේ මංගලිකා නමැති විශ්‍රාමික ප්‍රාථමික පාසල් ගුරුවරියකි. ඇය බණ්ඩාරගම ශ්‍රී ස්වර්ණජෝති විදුහලේ දීර්ඝ කාලීන සේවයෙන් පසු විශ්‍රාම ලබා සිටි අයෙකි.
උදෑසන ගුරුවරියගේ සැමියා අවදිවී ඇය ඇඳේ නැති බව දුටු අවස්ථාවේ සිතා ඇත්තේ
සාමාන්‍යයෙන් සෑම දිනකම උදේ 4.10 ට පුරුද්දක් ලෙස අවදිවන බව කියන ඇය එදිනත් එසේ අවදිවී වැඩ අරඹා ඇති බවකි.
නමුත් නිවසේ විපරම් කිරීමේදී මුළුතැන්ගෙයි දොර ඇර ඇති බවත් ඇය එළිපහළියක හෝ පෙනෙන්නට නොමැති නිසා කලබලවී ඇත. අනතුරුව නිවසේ නිදා සිටි දුව සහ පුතා අවදි කරවාගෙන ගුරුවරියගේ සැමියා ඇයව සොයා තිබේ.
නිවසට යාබද වත්තේ වැසිකිළියක් අසළ අත්ගැටගසා ඇය ඇදවැටී සිටි බව හඳුනාගෙන ඇත්තේ ඉන් පසුවයි.
කිසියම් බාහිර අයෙකු ඇයව සැලසුම් සහගතව ඝාතනය කර ඇති බවක් දිස්වන බව පොලිසිය නිරීක්ෂණය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment