පියුමි හංසමාලිගේ කට්ටිය මාධ්‍යයට ගහලා


අන්තර්ජාල පුවත් මවන්නියක ලෙස ප්‍රකට නිරූපිකා පියුමි හංසමාලි සහ ඇගේ හිතවත් පිරිමින් බව කියන
පිරිසක් ඊයේ (15) රාත්‍රී කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයකදී  මාධ්‍ය ආයතන සාමාජිකයින් පිරිසක් සමග ගැටුමක් සිදු කරගෙන තිබෙන බව වාර්තාවේ.
පියුමි ගැන අනවශ්‍ය ලෙස
මාධ්‍ය තුලින් තොරතුරු පළවන්නේ ඇය මාධ්‍යවේදීන්ට විවිධ වරදාන ලබාදෙන නිසා බවට ඇතිවූ සංවාදයක් දුරදිග යාමේදී පියුමි වෙනුවෙන් පෙනී සිටි බව කියන තරුණයින් කිහිපදෙනෙකු මාධ්‍ය වේදීන් සමග බහින් බස්වී පසුව ගුටි බැට හුවමාරුවක් සිදු කරගෙන තිබේ.
රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකුගේ අනුග්‍රහයෙන් කිරිබත්ගොඩ හෝටලයක මෙම සාදය පවත්වා තිබුනේ මාධ්‍යෙව්දීන්ටය. පියුමි ඇතුළු පිරිස එහි ඇවිත් තිබුනේ වෙනත් කිසියම් කාරනාවකටය.
මෙම ප්‍රහාරය සිදුවන විට පහරදුන් අය මත්පැන් පානය කර බීමතින් සිටි බවද පැවසේ.
මෙම සිද්ධියෙන් පසු පහරකෑමට ලක්වූ එක් තැනැත්තකු රෝහල්ගතකර ඇති අතර පහර කෑමට ලක්වූ අය සිද්ධිය ගැන කිරිබත්ගොඩ පොලිසිය වෙත ගොස් පැමිණිලි කර තිබේ.
සිද්ධිය ගැන පරීක්ෂණ සිදුවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment