කැළණි ගඟේ ජල මට්ටම ඉහළට පවුල් ඉවත් කිරීම ඇරඹේ දැනට මියගිය පිරිස 100 කට ආසන්නයි


කැළණි ගඟේ ජල මට්ටම ඉහළට
පවුල් ඉවත් කිරීම ඇරඹේ

දැනට මියගිය පිරිස 100 කට ආසන්නයි

මීට හරියටම වසරකට පෙර සිදුවූ ආකාරයට කැලණි ගඟ අවට ගංවතුර තත්වය යළි උදාවන තත්වයක් අද (26) සවස වන විට උද්ගතව ඇත. කැළණි ගඟ ආසන්නයේ ජීවත්වන ජනතාව කඩිනමින් අදාළ ස්ථාන වලින් ඉවත් විය යුතු බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිල වශයෙන් දැනුම්දී තිබේ.
සවස 3 වනවිට පවුල් 2000ක් පමණ කැළණි  ගං මිටියාවතෙන් ඉවත් කිරීමට
කටයුතු කළ

බවත් ඒ අනුව කැළණි ගඟ අසබඩ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, සීතාවක, හෝමාගම සහ කඩුවෙල ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය, වත්තල හා බියගම යන ප්‍රදේශවල ජීවත්වන ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් විය යුතු බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම්  හා දිසාපති සුනිල් කන්නන්ගර මහතා ජනතාවට දැනුම්දී තිබේ.
කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ පහත්බිම් ක්‍රමයෙන් ජලයෙන් යට වෙමින් පවතියි. හංවැල්ල, රණාල කළුඅග්ගල ප්‍රදේශ මේ වනවිට ජලයෙන් යටවෙමින් පවතින බවද වාර්තාවේ.
ඉදිරියේදී පහත්බිම්වල ගං වතුර තත්ත්වය ඉහළ යාහාකි බැවින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි
ලෝ ලෙවෙල් මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
-----
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 81 දෙනෙකු මිය ගොස් තවත් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව නිල වශයෙන් වාර්තාවී ඇතිි නමුත් එම මියගිය පිරිස 100 ඉක්මවා ඇති බව නිල නොවන ආරංචි හෙළි කරයි.
මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට මෙලෙස අයහපත් කලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක වන අතර මියගිය පිරිස වැඩිම රත්නපුර හා කළුතර බවද වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment