නීති විරෝධී ආකාරයට රැස්කළ මුදල් සී.එස්.එන්. රූපවාහිනි සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කළ යෝෂිත රාජපක්ෂ මහතාට ඇප නියම කිරීමේදී ඔහුගේ විදේශ ගමන්
තහනම් කිරීමට
එහෙත් සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් මහාධිකරණය හමුවේ කරුණු දැක්වූ යෝෂිත රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජපානයේ සංචාරය කිරීමේ අවශ්‍යතාවක් තමන්ට ඇතිවී තිබෙන බව ප්‍රකාශ කළේය. ඉන් පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තමන්ට ඕස්ට්‍රේලියාව බලා යෑමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බවද යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයට දන්වා සිටියේය.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විරෝධය පළ නොකළේය.
ඒ අනුව සැකකාර යෝෂිත රාජපක්ෂ මහතාට ජුනි මස 01 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා කාල සීමාව තුළ විදේශගත වීම සඳහා අවසර දුන්නේය.
ඒ අනුව දැනට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රඳවාගෙන සිටින යෝෂිත රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 05ක ඇපකරයක් මත මුදාහැරීමටද අධිකරණය නියෝග කළේය.
(කේ.එස්. උදය කුමාර්)
0 comments :
Post a Comment