ටීවී රේඩියෝ චැනල් වලින් ආධාර ගෙනිහින් භාරදෙන රත්මලාන කඳවුරට අවශ්‍ය නම් කෙලින්ම භාරදෙන්න

ගංවතුරෙන් සහ නායයාමෙන් පීඩාවට පත් වූ ජනතාව
වෙනුවෙන් සහන සැපයීමට අදාළ ද්‍රව්‍ය එක්රැස් කරන
මධ්‍යස්ථානයක් ලෙස රත්මලාන ගුවන් හමුදා කඳවුර කටයුතු කරයි. දිනපතා පිසූ ආහාර මෙන්ම වියළි ආහාර රැගෙන යන්නටද ඔවුන් කටයුතු කරනු ලැබේ.
විවිධ නාලිකා හා ස්වේච්ඡා සංවිධාන සත්භාවයෙන් සහනාධාර එක්කර මෙම ස්ථානයට ගෙනවිත් දී තිබුණ අතර ඒවා ගුවන් මගින් අවශ්‍ය ස්ථාන කරා ගෙන යාමට හමුදා නිලධාරීන් කටයුතු කර තිබේ.
ගංවතුර ආධාර මුවාවෙන් ව්‍යාජ කණ්ඩායම් මනුස්සකම ගසා කෑමේ කූට ජාවාරම්ද පවතින අතර ඒවා ගැන සැකයක් ඇතිනම් රත්මලාන ගුවන් හමුදා කඳවුරට සෘජුවම පැමිණ සහනාධාර ලබාදෙන ලෙසද දැනුම් දී තිබේ.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment