මෙරට ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් ආචාර්ය රාධිකා කුමාරස්වාමි පත්කර තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම් ලේකම්වරයා විසින් වැඩිදුරටත් කියා සිටින්නේ ඔක්තෝම්බර් 01 දින සිට මෙම පත්වීම බලපැවැත්වෙන බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රමුඛ පෙළ් තනතුරු කිහිපයක්ම හොබවා ඇති ඇය 2003 සිට 2006 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වශයෙන් කටයුතු කළාය. මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම නීති විශාරදවරියක් ලෙසින් ද ඇය ප්‍රසිද්ධියට පත් වී සිටී. ඇය New York University of Law හි නීතිය පිළිබඳ ගෝලීය මහාචාර්යවරියකි.
ආචාර්ය රාධිකා කුමාරස්වාමි, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ සොහොයුරියක වේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment