සේවක අර්ථසාධක අරමුදල වෙනත් රාජ්‍ය ආයතන දෙකක් සමඟ එක්ව රු. බිලියන 12 ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ අලුතින් ඉදිකිරීමට නියමිත හෝටල් සංකීර්ණයක ආයෝජන කටයුත්තකට සම්බන්ධ වී තිබුණු අතර 2013 වර්ෂය අවසානයේ දී අරමුදලෙන් රු. බිලියන 5 ක් ඒ සඳහා යොදවා තිබුණි.
ඒ වෙනුවෙන් 2013 ජූනි 04 දින අත්සන් කරන ලද කොටස් හිමියන්ගේ ගිවිසුම අනුව මෙම සමාගමේ කොටස් 2015 අවසන් වීමට පෙර කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට තීරණය වී තිබුණත්, ඉදිකිරීම් ප්‍රමාදවීමෙන් එම කටයුතු 2017 ජූනි අවසන් වන විටත් අවසන් වී නොතිබුණි.
සේවක අර්ථසාධක අරමුදල 2016 වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද විගණකාධිපති වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
වාර්ෂික වාර්තාවෙහි සඳහන් වන ආකාරයට මෙලෙස මුදල් ආයෝජනය කළ සමාගමේ නම සඳහන් වන්නේ කැන්විල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම යනුවෙනි.
කැන්විල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම යටතේ Sinolanka Hotels & Spa (Pvt) Ltd හා Helanco Hotels & Spa (Pvt) Ltd නමින් සමාගම් දෙකක් ඇති අතර කොළඹ ඇති Grand Hyatt හෝටලයේ ඉදිකිරීම් සිදුවන්නේ Sinolanka Hotels & Spa (Pvt) Ltd යටතේ ය.
කැන්විල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ 45.09% ක බහුතර කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු වන අතර 27.03% බැගින් වූ කොටස් හිමිකාරීත්වයන් ලිට්රෝ ගෑස් හා සේවක අර්ථසාධක අරමුදල සතුවේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment