ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ලේකම් යැයි කියා ගත් අයෙක් ඇතුළු මන්ත්රීවරයාගේ හිතවතුන් පිරිසක් විසින් තමන්ට මත්පැන් පානය කිරීමට ඉඩ දුන්නේ නැතැයි කියා ආපන ශාලාවක් කුඩු කර තිබේ.
'ඔරෝ රෙස්ටුරන්ට්' නමැති එම ආපන ශාලාව පිහිටා ඇත්තේ කුණ්ඩසාලේ බලගොල්ල ප්රදේශයේ ය. පහර දීම සිදුකර ඇත්තේ බලගොල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටියදී වීම බරපතල කාරණයකි.
දිගන කුණ්ඩසාලේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පක්ෂ සාමාජිකයන්ගේ රැස්වීමක් ඊයේ (02) පැවැති අතර රැස්වීම නිමා වී යමින් සිටි පිරිසක් සවස 6.30 ට පමණ ඉහත කී ආපන ශාලාවට ඇතුළු වී මත්පැන් පානය කිරීමට සූදානම් වී තිබේ.
එම ආපන ශාලාව මත්පැන් අලෙවියක් හෝ පානය කිරීමක් සිදුනොකරන ආහාර පාන පමණක් සපයන ස්ථානයක් බැවින් අයිතිකරුවන් ඊට ඉඩ දී නොමැත.
ඒ අවස්ථාවේ දී ආපන ශාලාවේ හිඳ ඇත්තේ අයිතිකරුගේ බිරිඳ ය. පසුව මැර පිරිස කෙහෙළියගේ ලේකම් විසින් යැයි හැඳින්වූ පුද්ගලයෙකු ලවා දුරකථන ඇමැතුමක් ගෙන අයිතිකරුගේ බිරිඳට තර්ජනය කර තිබේ.
සිදුවීම වෙද්දී අයිතිකරුද ඒ ස්ථානයට පැමිණ ඇති අතර ඔහු විසින් බලගොල්ල පොලිසියට දුරකථනයෙන් පැමිණිලි කර ඇත.
ඒ අනුව බලගොල්ල ස්ථානාධිපතිවරයා වූ ප්රභාත් මහතාද ඒ ස්ථානයට පැමිණ ඇති අතර ඒ සමගම වාහන කිහිපයකින් කෙහෙළියගේ ලේකම් යැයි කියා ගත් පුද්ගලයා සහ තවත් මැර පිරිසක් පැමිණ ආපන ශාලා අයිතිකරුට බිරිඳට පහර දී මුළු ආපන ශාලාවම කුඩු කර තිබේ.
පහත සේයාරුවේ දැක්වෙන්නේ මැර ලේකම් පැමිණි රථයයි.
(මුලාශ්රය - ලංකා ඊ නිව්ස්)
0 comments :
Post a Comment