අයහපත් කාලගුණය හමුවේ ලාංකිකයන්ගේ එකමුතුකම චන්ද්‍රිකා අගයයි


අයහපත් කාලගුණ තත්වය හමුවේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාව සියලූ වෙනස්කම් පසෙකලා එක්සත්ව
එකිනෙකාට.
සුවිශේෂි ලෙස සහය වීම අතිශයින් අගය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයකින් දන්වා ඇත.
පීඩාවට පත්වූ ජනතාව මුදා ගැනීම සඳහා ජාති ආගම් භේදවලින් තොරව රාජ්‍ය යාන්ත‍්‍රණය සමඟ එක්ව සිටින සියලූ දෙනා වෙත සිය ප‍්‍රශංසාව හා ගෞරවය පිරිනමන බවත්
විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම සමස්ත රාජ්‍ය සේවය ඉටු කරන උදාර මෙහෙයට ශ‍්‍රී ලාංකේය ජනතාවගේ ගෞරවය ද හිමිවනු ඇති බවත් හිටපු ජනාධිපතිය දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment