වාහන මිලදී ගැනීම ගංවතුර නිසා පොඩ්ඩකට කල් දැම්මා


කෝටි ගණනක් වැය කර ඇමතිවරුන්ට වාහන ගෙන ඒමට තිබුණ වැඩපිළිවෙල තාවකාලිකව කල් දැමූ බව
 ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොටදී මාධ්‍ය අමතමින් පවසා තිබේ.
ජනතාවට සහන ලබාදී
අවසන් වන තෙක් රජයට  නව වාහන මිලදී ගැනීමක් සිදු නොවන නමුත් ඉන් පසුව එය සිදුකරන බව ඔහු පවසයි.
මැති ඇමතිවරුන්ට හෝ නිලධාරීන්ට දෙන විශේෂ පහසුකම් මෙම කාලසීමාවේදී නවතා දමා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියයි.
එමෙන්ම  හදිසි ආපදාවකින් මියගිය පුද්ගලයෙකුට මීට පෙර ලබාදුන් රුපියල් 15000ක මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩි කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොටදී කියා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment