විස්ස තිහේ සෙල්ලම කරපු රවී නැවත අපට එපා - ලොතරැයි සංගමය

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය බරපතළ කඩා වැටීමකට ලක්කළ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා දැනට අමාත්‍ය ධුරය දරන විදේශ කටයුතු අමාත්‍යාංශ විෂය යටතට
පවරන්නේ නම්
කිසිදු දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි.
යහපාලනය ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය සිදු කිරීමෙන් පසු අමාත්‍යාංශවලට අදාළ විෂය පථය ගැසට් කිරීමේදී මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එහි ලේකම් එස්.එස්. මදුරසිංහ මහතා මේ බව පැවැසීය.

මේ මස 27 වැනිදා කොල්ලුපිටිය සී.එස්.එම්. ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන තම සංගමයේ මහ සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
(සිදත් මෙන්ඩිස්)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment