පේරාදෙණිය සරසවියේ ලක්ෂ 320ක් වංචා කළැයි සීඅයිඩීයට පැමිණිල්ලක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය මගින් රාජ්‍යය බැංකුවක පවත්වා ගෙන ගිය ගිණුමක් පියවා එහි තිබූ රුපියල් ලක්ෂ 320ක මුදලක් ලබාගෙන සැඟවී සිටින බව කියන සිද්ධියක්
සම්බන්ධයෙන්
නියෝජ්‍යය මුල්‍යය අධිකාරිවරයකුට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඊයේ (21) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ මුදල වැඩි පොළී අනුපාතයක් යටතේ වෙනත් බැංකුවක තැන්පත් කරන බව පවසමින් මෙම නියෝජ්‍යය මූල්‍යය අධිකාරීවරයා පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අත්සන ද ලබා ගනිමින් මෙම මුදල් මෙයට දින පහකට පෙර ලබාගනෙ තිබෙන බව වාර්තාවෙයි.

මුදල් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍යය නියෝජ්‍යය ලේඛකාධිකාරීවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගෙන තිබෙන බව ද දැනගන්නට තිබේ.

මුදල් නිදහස් කර ගැනීමෙන් පසු අදාළ නිලධාරීයා විශ්වවිද්‍යාලයට නොපැමිණ මඟහැර සිටින බවත් මේ සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කළ බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා කීය.

සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් අදාළ නියෝජ්‍යය මූල්‍යය අධිකාරීවරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බවත් උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

(අසේල කුරුළුවංශ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment