අරලගංවිලදී හමුවූ අභිරහස් සුනඛ හිස් කවුරු ගෙනා ඒවාද?


අරලගංවිලදී හමුවූ 
අභිරහස් සුනඛ හිස්
කවුරු ගෙනා ඒවාද?


අරලගන්විල දිඹුලාගල දඹගහඋල්පත ප්‍රදේශයේ  කසළ ගොඩක තිබී, අභිරහස් ලෙස මිය ගිය සුනඛයින්ගේ හිස් කබල් 2000ට වැඩි ප‍්‍රමාණයක්
හමුවී තිබේ. මෙම හිස් අතර සුනඛයින්ගේ මෙන්ම එළුවන්ගේ හිස්ද ඇති බව සොයාගෙන ඇත.
සුනඛ මස් ජාවාරමක් සිදු කරන පිරිසක්  සුනඛයින්ගේ සිරුරේ මස් ලබාගැනීමෙන් අනතුරුව ඉවත් කරනු ලබන හිස් කොටස් මේ ආකාරයට ගෙනවිත්
දමා යනවාදැයි සැක මතුව තිබේ.

නාඳුනන පිරිසක් විසින් මෙම ගෙනවිත් දැමීම වාහන වලින් සිදුකරනු ලබන්නේ රාත්‍රී කාලයේදීය.
මෙම මළකුනු නිසා ප්‍රදේශය අපවිත්‍රවී ඇති අතර ලෙඩරෝග පැතිරීමේ අවදානමක්ද මතුව ඇත. ඒ ගැන සොයාබලන ලෙස ඉල්ලා අරලගන්විල වැසියන් මාදුරු ඔය – පොළොන්නරුව ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයකද
නිරත වූ බව වාර්තා විය.
මෙම සුනඛ හිස් කබල් තොගය ප‍්‍රාදේශීය සහාවේ ට‍්‍රැක්ටර්වලින් ගෙනවිත් බැහැර කර ඇතැයි කතාවක් පැතිරෙන අතර ඒ පසුපස ප්‍රදේශයේ දේශපාලන බලවතෙකු සිටින බවටද ආරංචි පැතිර තිබේ.
සුනඛ හිස් ගෙනවිත් දැමීමේ නොහොබිනා ක්‍රියාවට අමතරව සුනඛ මස් වෙනත් මස්වර්ග ලෙස ජනතාව රවටා විකිණීමේ ක්‍රියාදාමයක්ද මේ පසුපස තිබෙන්නට ඉඩ තිබෙන නිසා බලධාරීන් ඉක්මණින් මේ ගැන අවධානය යොමු කළ යුතු බව උද්ඝෝෂකයින් පවසා තිබුණි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment