ඉරාන පාර්ලිමේන්තුවට හා කුමේනි සොහොනට වෙඩි තැබීම්


ඉරාන පාර්ලිමේන්තුවට හා
කුමේනි සොහොනට වෙඩි තැබීම්

දෙදෙනෙකු මරුට

සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට සහ අයතුල්ලා කොමේනි සොහොන් මැදුරට වෙඩිතැබීම් සිදු කර තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ආරක්ෂක නිලධාරියකු මරු දැක
ඇත.සොහොන් මැදුරට වෙඩි තැබීමෙන්ද එම ආරක්ෂක අංශ නිලධාරියෙකු මිය ගොස් ඇති බව මේ වනවිට තහවුරු කර තිබේ.මෙම ස්ථාන දෙක එකිනෙක කිලෝමීටර 20ක ඈතින් පිහිටා තිබිණි.
පාර්ලිමේන්තු සංකීර්ණයට 4 දෙනෙකු පැමිණි බවත්

ඔවුන් සන්නද්ධව පැමිණි අයුරු තමන් දුටු බවත් සාක්ෂිකරුවෙකු තහවුරු කර ඇත.
නූතන ඉරානයේ නිර්මාතෘ හැටියට සැලකෙන මියගිය අයතුල්ලා කුමේනි ආධ්‍යාත්මික නායකයාගේ සොහොන එරට ගෞරවනීය ස්ථානයක් ලෙස පිළිගැනෙන අතර ඉරානයට අනතුරු හැඟවීමක් ලෙස එයටද එම අවස්ථාවේ ප්‍රහාර එල්ල කර ඇති බව කියැවේ
පාර්ලිමේන්තුව හා සොහොන් මන්දිරය තුළ එකම වේලාවක මෙම ප්‍රහාර දෙක සිදු කරන්නට ඇත්තේ සැලසුමකට අනුව විය හැකි බව පැවසේ.
ලෝකයට තර්ජනයක් වූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ව්‍යාපාරයට ප්‍රබල ලෙස උදව් කරන රටක් ලෙස ඉරානය සැලකෙන අතර මෙම වෙඩි තැබීම මීට පෙර ලන්ඩනයේ පාර්ලිමේන්තුව අසළ වෙඩි තැබීමේ හා කලබල ඇති කළ සිද්ධි වලට එකට එක කිරීමක් ලෙස  බටහිර උවමනාවට මෙහෙයවූ කණ්ඩායමක් විසින් සිදු කරන්නට ඇති බවට අදහස් පළව තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment