නීතිය සාමය ඇමතිකම ලැබුණොත් මාස 6 න් වැඩ පෙන්වමි - ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා


නීතිය හා සාමය අමාත්‍යගය තමාට බාරදුනොත් මාස හයක් ඇතුළත ප්‍රතිඵල පෙන්වන බව වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (18) පැවසීය.

පසුගිය රජය

සමයේ වැරැදි කළ අයට දඩුවම් දෙන්නේ නැති බවට ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනාවෙන් මාස 6ක් ඇතුළත ආණ්ඩුව මුදාගැනීමට තමාට හැකියාව තිබෙන බව ද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සිරිකොත එක්සක් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මැති ඇමැති හමුවකින් අනතුරුව මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
විපක්ෂනායක ධුරය මහින්ද රාජපක්ෂ මහතා දිය යුතු යැයි අමාත්‍ය පාඨලී චමපික රණවක මහතා කළ ප්‍රකාශයට එකඟ දැයි විමසු විට ෆොන්සේකා මහනා පැවසුයේ තමා ඊට විරුද්ධ බවයි. ජනතාවගෙන් ප්‍රතිෂ්ප වූ අය සමග මධුසමයක් ගත කළ යුතු නැති බව ද අමාත්‍යවරයා කියා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment