එම්ජී ධනුෂ්ක එම්එස්ගේ ගීත ගැයුවාට ලක්ෂ තුනක වන්දි ගෙවයි


අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කළ බවට චෝදනා පිළිගත් එම්.ඩී. ධනුෂ්ක විසින් එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ පවුලේ අයට රුපියල් තුන්ලක්ෂයක වන්දි මුදලක් ගෙවනු ලැබීමෙන් පසු
ඔහු කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (12) නියෝග කළේය.

තුන්වසරක් යනතෙක් එම්.එස්. ප්‍රනාන්දු ම හතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා නොකරන ලෙසට එම්.ඩි. ධනුෂ්ක හට ඊයේ (12) නියෝග කළ
මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් ලක්ෂ පහක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද නියෝග කළේය.

අධිකරණය හමුවේ මෙම නඩුව ඊයේ (12) කැඳවූ අවස්ථාවේ මුල් අවස්ථාවේදීම වරද පිළිගත් එම්.ඩී. ධනුෂ්ක මින් ඉදිරියට එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ පවුලේ අයට අගතියක් වන අයුරින් ඔහුගේ ගීත ගායනා නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට දැන්වීය.

මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත්, නැවත එම ගීත ගායනා නොකරන බවට දිවුරුම් ප්‍රකාශයකින් කරුණු දැක්වීමත්, වන්දි මුදල් ගෙවීම හා වයස සලකා බලා මහේස්ත්‍රාත්වරයා විසින් එම්.ඩී. ධනුෂ්ක කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට එසේ නියෝග කළේය.

නිසි අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කරන බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් රහස් පොලිසියට කළ පැමිණිල්ලක් මත රහස් පොලිසිය බුද්ධිමය දේපළ පනත යටතේ එම්.ඩී. ධනුෂ්කට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

කුමුදු හෙට්ටිආරච්චි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment