අමාත්‍යංශ රියේ ගැටී පොලිස් නිලධාරියෙක් මරුට


කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන්
සිදුවු අනතුරකින්
පොසොන් රාජකාරියේ යෙදී ආපසු යමින් සිටි අනුරාධපුර මූලස්ථාන පොලීසියේ රථවාහන අංශයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මරණයට පත්ව ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.
අනුරාධපුර නව නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේ දී අද අලුයම මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ එක්දරු පියෙකු වන බුද්ධික අරවින්ද බංඩාර (අවු.29) නමැත්තෙකි.
කැබ් රථය ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයට අයත් රථයක් බවත් එය ඇමතිවරියගේ ලේකම්වරයෙකු පරිහරණය කළ බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment